Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රොෂාන් රණසිංහ මහතා අද (27) පස්වරුවේදී රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ එහි කාර්ය මණ්ඩලයට සමුදෙමින් පැවැසුවේ හොරු දිනුම් බවත් එදා ආසියාවේ පාරාදීසය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව අද හොරුන්ගේ පාරාදීසයක් ලෙස හැඳින්වීමට සිදුව තිබෙන බවත්ය.
ක්‍රීඩා ඇමැති ධුරය හැරෙන්නට යෞවන කටයුතු හා වාරිමාර්ග යන විෂයන්හි ඇමැති ධුරද දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එම සියලු ඇමැති ධුරවලින් අද ඉවත් කිරීමෙන් පසුව පස්වරුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදීම සඳහා රීඩ් මාවත අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ක්‍රීඩාගාරයට පැමිණ විනාඩි 10 ක පමණ කතාවක් කළේය.
රණසිංහ මහතා වසර 2022 අප්‍රේල් 18 වැනිදා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස පත්වුණු අතර ඔහුට වාරිමාර්ග විෂයය පැවැරුණේ 2022 ජූලි 22 වැනිදාය.
ක්‍රීඩා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සමුදෙමින් හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවැසීය. ‘මම මේ දැනුත් පත්වීම් ලිපි ප්‍රදානයකට සහභාගි වෙලා තමයි මෙතනට පැමිණියේ. එයින් පස්සේ මම පැවැත්වෙමින් තිබුණු කැබිනට් මණ්ඩලයේ රැස්වීමට ගියා. එතනදී මම ගිය වතාවේ පැවැති කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දු ගැන කතා කළා. ක්‍රිකට්වලට අතුරු කමිටුවක් පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට තීරණයක් අරන් තිබෙන බව ප්‍රකාශ වුණා.
ඒක වැරදි වැඩක්. ක්‍රීඩා ඇමැතිවරයාට පාර්ලිමේන්තුවේ පනතක් මගින් දුන් බලයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන මගේ විරෝධය එහිදී පළ කළා.’
එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් කීපයකට පිළිතුරු දුන් හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, 1977 න් පසුව ආසියාවේ හොඳම රටවල් 47ක් අතරින් දෙවැනි තැනට පත්ව සිටි ශ්‍රී ලංකාව අද 47 වැනි ස්ථානයට පත්වන තරමට අවිධිමත් පරිපාලන ක්‍රියාවලියක් හමුවේ අන්ත දූෂිත රාජ්‍යයක් බවට පත්ව තිබෙන බවයි.
‘‘මම මෙතින් එහාට කරන්නේ මොකක්ද කියලා තවම තීරණයක් ගෙන නෑ. මම කිසිම දේශපාලන තීරණයක් කළබලේ ගන්නෙත් නෑ. ක්‍රිකට් ආයතනයේ සාක්කුවලට වැටෙන්නේ නැතිව මින් ඉදිරියට පත්වන ක්‍රීඩා ඇමැතිවරයාට වැඩ කරන්න පුළුවන් විය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරන්නේ කොහොමද? විපක්‍ෂයට විතරක් නෙමේ රටේ දූෂණ ගැන කතා කරන්න ආණ්ඩුවටත් හැකියාවක් තිබිය යුතුයි. ඒක ආණ්ඩුවෙ වගකීමක්.’’
මේ අතර හිස්ව පවතින ක්‍රීඩා ඇමැති ධුරය පිරවීම පොදුජන එක්සත් පෙරමුණට පැවරෙනු ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. රෝහණ දිසානායක මහතා වත්මන් ක්‍රීඩා රාජ්‍ය ඇමැති ධුරය දරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.