Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෝල්ඩර්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

හෝල්ඩර්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නියමිත වේලාව තුළ නියමිත ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ට එංගලන්තයට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව හෝල්ඩර්ගේ අඩුව පුරවමින් තෙවැනි ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මේ දක්වා ටෙස්ට් තරග 4 කදී කොදෙව් කණ්ඩායමේ නායකත්වය දරා ඇති ක්‍රෙග් බ්‍රැත්වේට්ට හිමිවනු ඇත.
හොල්ඩර් සිය ක්‍රීඩා දිවිය තුළ නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2017 වසරේ දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති තරගයකදීද ඔහු මෙවැනිම වරදකට හසුවිය.

එංගලන්තයට එරෙහිව බාර්බඩෝස්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 202 ක් රැස්කරමින් කඩුලු 2 ක්ද දවාගත් හෝල්ඩර්, කොදෙව් පිලට එම තරගයෙන් ලකුණු 381 ක ජයක් අත්කරදීම සඳහා නායකත්වය සැපයීය.
ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 4 ක් දවාගත් ඔහු, එම තරගයෙන් කොදෙව් පිලට කඩුලු 10 ක ජයක් අත්කර දුන් අතර 2009 වසරෙන් පසුව පළමු වරට එංගලන්ත කණ්ඩායමක් පරාජය කළ කොදෙව් කණ්ඩායම බවටද සිය කණ්ඩායම පත්කළේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 9 වැනිදා ශාන්ත ලුසියාහිදී පැවැත්වීමට නියමිතය.


-036

 


අදහස් (0)

හෝල්ඩර්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.