Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළමයින් වෙනුවෙන් දිනයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ළමයින් වෙනුවෙන් දිනයක්

editorial - 2023 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ.

ලොව පුරා සිටින සෑම දරුවකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තු ඇති කිරීම සහ සහයෝගය ලබාදීම ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. ඒ අනුව ලොව පුරා සියලුම දරුවන්ට සමානව සැලකීම සංඛේතවත් කරමින් නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැ‍හැයෙන් වර්ණවත් වනු ඇත.

ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට නිල් පැහැ එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමටත්, දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය. එහිදී ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තානාපතිවරුන් වන සචින් තෙන්ඩුල්කාර් මහතා සහ මුත්තයියා මුරලිදරන් මහතා සමග දෙරටේ ක්‍රීඩකයන්ද එක්වනු ඇත.

මෙම ව්‍යාපෘතිය පුරා එක්වන අරමුදල් ලොව පුරා සෑම දරුවකුටම සමාන අවස්ථ ලබාදීම අරමුණු කරගත් යුනිසෙෆ් සංවිධානයේ ඉදිරි වැඩකටයුතු සඳහා යොදා ගැනෙනු ඇත. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිල විකාශන සහකරුවකු වන ස්ටාර් ස්පෝට්ස් නාලිකාව මෙම අවස්ථාව ලොව පුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට ගෙන යයි. විවිධ වානිජ හවුල්කරුවන් තරගය අතරතුර කරන පරිත්‍යාග සමගින් මෙම අවස්ථාවට සහාය දක්වනු ඇත.

ඊට අමතරව අන්තර් ජාතික ක්‍රිකට් සභාව, යුනිසෙෆ් සංවිධානය සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන සියලුම කණ්ඩායම් එක්ව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ 10 හිදිම ළමුන් සඳහා වැඩසහටන් පවත්වනු ලබන අතර එහිදී ළමුන්ට ඔවුන්ගේ වීරයන් සමග එක්ව පිත්තක් සහ පන්දුවක් අතට ගෙන ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

ලොව පුරා දරුවන්ට සහයෝගය දැක්වීමට කැමති ක්‍රීඩා ලෝලීන්ට මෙම අවස්ථාව සමග එක්වෙමින් help.unicef.org වෙබ් අඩවිය වෙත පිවිස ඇමරිකානු ඩොලර් 2 ක් වැනි සුළු මුදලකින් යුනිසෙෆ් සංවිධානයට පරිත්‍යග කිරීම ආරම්භ කළ හැකිය.


අදහස් (0)

ළමයින් වෙනුවෙන් දිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.