Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර චිතගොන්හිදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය අද (06 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
සිවුවැනි (අවසන්) දිනයේදී තරගය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 59 ක් ලබාසිටියේය.
පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 281 ක් රැස්කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ළහිරු තිරිමාන්න ශතකය සම්පූර්ණ කිරීමත් සමගින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ශතකයක් (168) සහ අර්ධ ශතකයක් (නොදැවී 67) ලබාගනිමින් දස්කම් දැක්වූ ළහිරු තිරිමාන්න අද අවසන් වූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදීද ශතකයක් (නොදැවී 100) ලබාගනිමින් නැවත වරක් තමන් දස්කම් අතර ඉහළින් සිටින බව පෙන්වීය.
තරගයේ පළමු සහ දෙවැනි දින දෙකම වර්ෂාවට සේදී ගිය අතර තෙවැනි දිනයවූ ඊයේ යැවීමට හැකි වූයේ ඕවර 15 ක් පමණි. වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය අවසන් කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය.
වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිටි ළහිරු මිලන්ත ඊයේ තරගය නතර කරනවිට ලකුණු 42 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටියද, අද දින ඔහුට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමිනොවීය. අද දිනයේ පළමු කඩුල්ල ලෙස පන්දු 91 මුහුණදී සිටි මිලන්ත දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.
ළහිරු තිරිමාන්න සමගින් එක්වූ අශාන් ප්‍රියංජන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් විය. ලකුණු 57 ක් රැස්කර සිටියදී නයිම් හසන්ගේ පන්දුවක් හමුවේ සකීර් හසන් අතට උඩපන්දුවක් ලබාදෙමින් අශාන් ප්‍රියංජන් දැවීයන විට පන්දු 132 කට මුහුණදී හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්ව සිටියේය.
පන්දු යවන්නන් අටදෙනෙකු යොදා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ නායක මොසැඩික් හුසේන් උත්සාහ කළද ඉන් ඵලක් නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.