Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරු වෙනුවට චාමික ඕස්ට්‍රේලියාවට

ළහිරු වෙනුවට චාමික ඕස්ට්‍රේලියාවට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්න කැඳවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ළහිරු කුමාරට පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්විය. ඔහුට මාස එක හමාරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. ඒ අනුව ඔහුට එලැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයද අහිමි වී තිබේ.

මීට අමතරව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.  

 


අදහස් (1)

ළහිරු වෙනුවට චාමික ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.