Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆයිස්ලාබාද් කී‍්‍රඩකයන්ට වීසා ලැබෙයි

ෆයිස්ලාබාද් කී‍්‍රඩකයන්ට වීසා ලැබෙයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ ලීග් වි:20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානය නියෝජනය කරමින් සහභාගී වන ෆයිසලාබාද් වුල්ව්ස් කණ්ඩායමට වීසා දීමට ඉන්දීය ආගමන විගමන බලධාරීන් තීරණය කිරීම නිසා ඉන්දියාවේ පැවැත්වෙන ශූරයන්ගේ ලීග් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ෆයිස්ලාබාද් වුල්ව්ස් පිලට හිමිවී තිබේ.

දෙරට අතර පවතින විවිධ දේශපාලනික මතභේද නිසා පාකිස්තානු කී‍්‍රඩකයන්ට වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කරන ලද අතර ඉන්දීය ආගමන විගමන බලධාරීන් කියා සිටියේ පාකිස්තානු කී‍්‍රඩකයන්ගේ ආරක්‍ෂාවට ඉන්දීයාවේදී තර්ජනයක් ඇතිවිය හැකි බවයි.

තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග මේ මස 17 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණද වීසා ප‍්‍රමාද වීම නිසා ඉන්දියාවට ගොස් තම පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව අහිමි වීම සම්බන්ධයෙන් ෆයිස්ලාබාද් වුල්ව්ස් කී‍්‍රඩකයෝ කණස්සල්ලෙන් පසුවූහ.

දැනට ලාහෝරයේ සිටින කී‍්‍රඩකයන් සෙනසුරාදා (14 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යන අතර පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරන මිස්බා උල් හක්, සයීඞ් අජ්මල් සහ එෂාන් අලි සිම්බාබ්වේ සිට ඉන්දියාව බලා පැමිණීමට නියමිතය.

පාකිස්තානු ජාතික පිලේ නායක මිස්බා උල් හක් ෆයිසලාබාද් වුල්ව්ස් පිලේද නායකයා ලෙස කටයුතු කරයි.
‘චැම්පියන්ස් ලීග්’ තරගාවලිය නියෝජනය කරන දෙවැනි පාකිස්තානු පිල ෆයිස්ලාබාද් වුල්ව්ස් කණ්ඩායමයි. වසර 2012 දී දකුණු අපි‍්‍රකාවේදී පැවැති තරගාවලියේදී සියොල්කොට් ස්ටැලියන්ස් පිල චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගි විය.

මේ මස 17 වැනිදා ආරම්භ වන චැම්පියන්ස් ලිග් තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා දක්වා පැවැත්වේ.


- 036

 


අදහස් (0)

ෆයිස්ලාබාද් කී‍්‍රඩකයන්ට වීසා ලැබෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.