Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆෙඩරර් දෙවැනි වටයට

ෆෙඩරර් දෙවැනි වටයට

editorial - 2021 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඊයේ (29 වැනිදා) සමත් විය. සිය ප්‍රතිවාදීයා වූ ප්‍රංශයේ ඒඩ්‍රියන් මැනරිනෝ දණහිසේ ආබාධයකට ලක්ව තර‍ගයෙන් ඉවත්වීමත් සමග ෆෙඩරර්ට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව හිමිවිය.

අබාධයට ලක්වූ මැනරිනෝ තරගයෙන් ඉවත්වන විට එහි ලකුණු තත්ත්වය වට 2-2 ක් ලෙස සම තත්ත්වයේ පැවැතිණ. එහිදී ලකුණු 6/4 ක් සහ 6/2 ක් ලෙස පිළිවෙලින් පළමු සහ සිවුවැනි වට ජයගැනීමට ෆෙඩරර්ද, ලකුණු 7/6 ක් සහ 6/3 ක් ලෙස පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි වට ජයගැනීමට මැනරිනෝද සමත්ව සිටියහ.

“එය හරිම භයානකයි. එයින් පෙන්නුම් කරන්නේ එක් පහරකින් තරගයක් ප්‍රතිඵලයක් පමණක් නොව සම්පූර්ණ ක්‍රීඩා දිවියම කණපිට හැරවිය හැකි බවයි. කෙසේ වෙතත් මම ඔහුට සුබ පතනවා.” යැයි ෆෙඩරර් තරගයෙන් අනතරුව පැවසීය.

“ඔහුට ඉක්මනින් සුවය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවතත් තරග බිමේදී ඔහුව මුණ ගැහෙන්න මම බලාපොරොත්තුවන් ඉන්නවා. ‍මේ තරගයේදී ඔහු මට වඩා හොඳට ක්‍රීඩා කළා. ඒ නිසා ඔහුට එය ජයගත හැකිව තිබුණා.” යැයිද ෆෙඩරර් වැඩි දුරටත් කියා සිටියේය.

එදා‍ මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා සංඛ්‍යාවක් (20) දිනාගත් ක්‍රීඩකා ලෙස ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකට හිමිකම් කියන ෆෙඩරර්, මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවේ. මේ දක්වා ඔහු ජයගෙන ඇති විම්බල්ඩන් ශූරතා සංඛ්‍යාවද 8 කි.

හෙට (1 වැනිදා) පැවැත්වෙන දෙවැනි වටයේ තරගයේදී ‍ප්‍රංශයේ රිචඩ් ගෑස්කට්ට හෝ ජපානයේ යූචි සුගීටාට එරෙහිව ෆෙඩරර් තරග බිමට පිවිසෙනු ඇත. ගැස්කෙට් මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවෙන අතර සූගීටා එහි 109 වැනි ස්ථානයේ රැදී සිටියි.

-036


අදහස් (0)

ෆෙඩරර් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.