Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට 200 ක්

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට 200 ක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ 24 වැනි අදියර මේ මස 24 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ.

මෙවර තරගාවලියට සහභාගී වන කී‍්‍රඩකයන් සංඛ්‍යාව 200 කට ආසන්න වන අතර ප‍්‍රධාන කේ. පී. අරවින්ද් සහ රුග්වෙත් බරුගුජි යන ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනාද ඊට සහභාගී වීමට නියමිතය.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනීමේ තරගද ඇතුළත්ව මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි ඉසව් 11 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.  

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.

සියැට් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර එක්සයිඞ්, හොණ්ඩා, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ අලියා සිසිල් බීම  සමාගම සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට 200 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.