Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘අල්කසබා’ ආණ්ඩුකාර කුසලාන දිනාගනී

‘අල්කසබා’ ආණ්ඩුකාර කුසලාන දිනාගනී

Nisanka Sandeepani - 2018 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවරඑළිය තුරඟ තරග මාලාවේ (2018) සිවුවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය ජයගැනීමට කුල්දීප් සිං විසින් මෙහෙයවන ලද ‘අල්කසබා‘  සමත් විය. මීටර් 1600 ක දුරකින් සමන්විත වූ ‘ආණ්ඩුකාර කුසලාන’ තරගයට සහභාගි වූ තුරඟුන් 12 දෙනා අතර සිටි එකම වෙළඹ වූ ‘අල්කසබා’ මෙම තරගය ජයගත්තේ ඉතා තියුණු තරගයකින් අනතුරුවය. 

ආණ්ඩුකාර කුසලාන තරගය ජයගැනීම වෙනුවෙන් ‘අල්කසබා‘ ගේ සම හිමිකාරියන් වූ දීප්තිකා ජයකොඩි මෙනවියට සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මියට ආණ්ඩුකාර කුසලාන සමගින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක (130,000) මුදල් ත්‍යාගයක් පිරිනැමිණ. 

ආරම්භයේදී තරමක් පසුපසින් ගමන් කළ ‘අල්කසබා‘ තරගයේ මුල් මීටර 1000 පමණ නිමාවන විට කෙමෙන් කෙමෙන් සෙසු අසුන් එකිනෙකා පසුකර ඉදිරියට ඇදුණාය. අනතුරුව මීටර් 1500 ක් පමණ නිමාවන තෙක් තරගයේ පෙරමුණේ ගමන් කළ ‘මෙහෙරාන්‘ පසුකර ගිය ‘අල්කසබා‘ අවසන් මීටර් 100 තුළදී තරගයේ ජය තමන් සතුකර ගත්තාය. 

ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද ‘මෙහෙරාන්’ සහ ප්‍රවීන් ශින්ඬේ විසින් මෙහෙයවන ලද ‘චාර්ලමේන්‘ පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ. ඒ වෙනුවෙන් එම අසුන්ගේ හිමිකරුවන් වූ හසංග ජයරත්න මහතාට සහ ජේම්ස් මැතිව්ස් මහතාට පිළිවෙලින් රුපියල් 70,000 ක් සහ 35,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ. 

තවත් තියුණු අවසානයක් සහිතව නිමාවට පත්වූ තරගයක් ලෙස මීටර් 2000 ක දුරකින් සමන්විත වූ ‘රැජින කුසලාන’ තරගය හැඳින්විය හැකිය. 

‘සෙලෙස්ටියල් ෆයර්‘ සහ ‘කොලරාටෝ‘ සමග කළ කරට කර තරගයකින් අනතුරුව එම තරගය ජය ගැනීමට ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවනු ලැබූ ‘ඇරිකා වොන්ඩර්’ සමත් විය. තුරඟුන් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක (175,000) මුදලක් පිරිනැමිණ. 

තුරඟුන් සිවුදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති ඬේලි මිරර් කුසලාන තරගය (මීටර 1400) ජයගැනීමට ප්‍රංශ ජාතික අසරුවකු වන චාල්ස් පර්කින්ස් විසින් මෙහෙයවන ලද ‘ක්‍රාබි’  සමත් වූයේ තියුණු තරගයකින් අනතුරුව ‘ස්කාලට් ප්‍රින්ස්’ දෙවැනි ස්ථානයට පත් කරමිනි. 

තුරඟුන් 9 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති නගරාධිපති කුසලාන තරගයෙන් පහසු ජයක් ලැබීමට ඒ. රාමු විසින් මෙහෙයවන ලද ‘ගෝ ග්‍රීන්‘ සමත් විය. මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ග්‍රෑන්ඞ් හොටෙල් කුසලාන තරගය ජයගනු ලැබුවේ ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද ‘වේටිං ෆෝ ග්ලෝරි‘ විසිනි. 

මෙවර තරගවාරයේ තරගාවලි හතරකදී දැක්වූ දක්ෂතා අනුව දක්ෂතම අසරුවා ලෙස ඒ. විශ්වනාත්ද, දක්ෂතම අසුන් පුහුණුකරන්නා ලෙස එස්.ඩී. මහේෂ්ද සම්මාන දිනාගත්හ. 

නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දසනායක සහ නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න සහ අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන යන මහත්වරු සහභාගි වූහ. 
තුරඟා, අසරුවා සහ හිමිකරු යන අනු පිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

 

තරග ප්‍රතිඵල

ඬේලි මිර්ර කුසලාන තරගය (මීටර් 1400)

1 ක්‍රාබි - චාල්ස් පර්කින්ස් - ධනවර්දන ගුරුගේ මහතා
2 ස්කාලට් ප්‍රින්ස් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
3 ස්ට්‍රෝමි පෙට්්‍රල් - රවී කුමාර් - ජේම්ස් මැතිව්ස් මහතා

Mayor's-Cup-Winners

නගරාධිපති කුසලාන තරගය (මීටර් 1400)
1 ගෝ ග්‍රීන් - ඒ. රාමු - ඬේවිඞ් ඇන්තනී මහතා
2  ගසාකි - චාල්ස් පර්කින්ස් - රියෙන්සි එඞ්වඞ්ස් මහතා සහ පූර්ණි එඞ්වඞ් මහත්මිය
3 ටොපිඩෝ - ප්‍රවීන් ශින්ඬේ - අනුර දෙල්ගොඩ මහතා

Queen's-Cup-Winners

රැජින කුසලාන තරගය (මීටර් 2000)
1 අනදර් ඒස් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
2 සෙලෙස්ටියල් ෆයර් - ඒ. විශ්වනාත් - ෆියර්ලස් අශ්වගාල
3 කොලරාටෝ - කුල්දීප් සිං - රියෙන්සි එඞ්වඞ් මහතා සහ පූර්ණි එඞ්වඞ් මහත්මිය

ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1600)
1 අල්කසබා - කුල්දීප් සිං - දීප්තිකා ජයකොඩි මෙනවිය සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
2 මෙහෙරාන් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
3 චාර්ලමේන් - ප්‍රවීන් ශින්ඬේ - ජේම්ස් මැතිව් මහතා 

ග්‍රෑන්ඞ් හොටෙල් කුසලාන තරගය (මීටර් 1400)
1 වේටිං ෆෝ ⁣ග්ලෝරි - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
2 කොස්මොපොලිටන් - ඒ. විශ්වනාත් - අනුක සූසා මහතා
3 මිස් අයිවරි - රවී කුමාර් - ඬේවිඞ් ඇන්තනී මහතා

 

තරගයේ විශේෂ අවස්ථා 


අදහස් (0)

‘අල්කසබා’ ආණ්ඩුකාර කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.