Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ඊ’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව සී.ඩී.බී. පිලට

‘ඊ’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව සී.ඩී.බී. පිලට

Nisanka Sandeepani - 2018 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට සී.ඩී.බී. කණ්ඩායම සමත් විය. 

තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී මෝසෑන්ඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 61-57 ක තියුණු ජයක් වාර්තා කරමින් සී.ඩී.බී. ක්‍රීඩකයෝ එම ශූරතාව තමන් සතුකර ගත්හ. 

එම තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 38-18 ක් ලෙස මෝසෑන්ඞ් කණ්ඩායමට වඩා ලකුණු 20 ක් ඉදිරියෙන් සිටීමට සී.ඩී.බී. කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඉතා ආක්‍රමණශීලි ලෙස තරග වැදුණ මෝසෑන්ඞ් ක්‍රීඩකයෝ තරගය නිමා වන විට එම ලකුණු පරතරය ලකුණු 4 ක් දක්වා අඩු කරගත්හ. 

අවසන් තරගයේදී සී.ඩී.බී. කණ්ඩායම වෙනුවෙන් සුපුන් ලක්මාල් ලකුණු 19 ක්ද, දිනුක ගමගේ ලකුණු 16 ක්ද රැස්කළ අතර මෝසෑන්ඞ් කණ්ඩායම වෙනුවෙන් සජිඞ් මොහොමෙඞ්, හරේෂ් අෂෝක්කුමාර් සහ කේෂාන් ගයංග ලකුණු 14 බැගින්ද රැස්කළහ. 

සී.ඩී.බී. කණ්ඩායමේ දිනුක ගමගේ අවසන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා දස්කම් දැක්වූ සී.ඩී.බී. කණ්ඩායමේම ඩිලාන් දිනුෂ්ක තරගාවලියේ (‘ඊ’ කාණ්ඩයේ) වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ. 

 


අදහස් (0)

‘ඊ’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව සී.ඩී.බී. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.