Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 10 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.
දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගන්නා තරගද ඇතුළත්ව ඉසව් 22 කින් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ඊට යතුරුපැදි තරග 12 ක් සහ මෝටර් රථ තරග 10 ක් ඇතුළත් වේ.
දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු 120 කට ආසන්න තරගකරුවන් පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමියත අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනක්ද ඊට ඇතුළත්ව සිටිති.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායක සම්මාන දිනාගත් අතර අරවින්ද ප්‍රේමදාස දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සමම්මාන දිනාගත්තේය.
‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006 සහ 2007 වසර වලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා ඇති අතර වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසර වලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අරවින්ද ප්‍රේමදාස සම්මාන දිනා ඇත.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන සමාගම් සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.
කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.
|
(ඡායාරූප - ශානුක අරවින්ද) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.