Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ට‍්‍රැවලර් කුසලාන’ ක‍්‍රිස්ටල් පැලස් පිලට

‘ට‍්‍රැවලර් කුසලාන’ ක‍්‍රිස්ටල් පැලස් පිලට

ශනුක අරවින්ද - 2016 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පොළ පාපන්දු ලීගය සංවිධානය කළ 19 වැනි ‘ට‍්‍රැවලර් කුසලාන’ පළමු කොටසේ ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.

රෙඞ් සන් ක‍්‍රීඩා සමාජය සහ ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය අතර නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී ඉරිදා (20* පැවැති අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගත්තේය.

රෙඞ් සන් ක‍්‍රීඩා සමාජයේ කුමාර ජයවික‍්‍රම තරගයේ 20 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා පළමු අර්ධය අවසානයේදී රෙඞ් සන් කණ්ඩායම ඉදිරියට ගෙනඒමට සමත්විය. 50 වැනි මිනිත්තුවේදී ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජයේ කලීඞ් අස්මිල් ලබාගත් ගෝලයත් සම`ගින් නියමිත කාලය අවසානයේදී දෙපිලේම ගෝල සංඛ්‍යාව 1-1 ක් ලෙස සම විය.

එනිසා තරගයේ ජයග‍්‍රහණය සදහා දෙපිලේ ක‍්‍රීඩකයන්ට දඩුවම් පහර කරා යාමට සිදුවිය. එහිදී ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය ද`ඩුවම් පහර 9-8 ක් ලෙස තියුණු ජයක් වාර්තා කළේය.

ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජයේ එම්. ෂිෆාන් දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. රෙඞ් සන් ක‍්‍රීඩා සමාජය පැවැති තරගාවලි 18 න් තරගාවලි 16 කම ශූරතාව දිනා සිටියද ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය මෙහි ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයවේ.

තරගාවලියේ අවසන් පුර්ව වටයේදී රෙඞ්සන් ක‍්‍රීඩා සමාජය විසින් ගෙලිඔය පාපන්දු සමාජය (දඩුවම් පහර 6-5) පරාජය කරන ලද අතර ක‍්‍රිස්ටල් පැලස් ක‍්‍රීඩා සමාජය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම (ගෝල 4-0) පරාජය කරන ලදී.

ශූරතාව දිනාගත් ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජයට රුපියල් 50,000 ක්ද, අනුශූරතාව හිමිකර ගත් රෙඞ් සන් කණ්ඩායමට රුපියල් 25,000 ක් සමග කුසලාන පිරිනැමිණ.

ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, ගම්පොළ පාපන්දු ලීගයේ සභාපති ඒ. රසාක් සහ එහි ලේකම් සුනිල් සේනවීර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.

-090

 


අදහස් (0)

‘ට‍්‍රැවලර් කුසලාන’ ක‍්‍රිස්ටල් පැලස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.