Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘බී’ කළාපය ජනාධිපති ශූරතාව දිනයි

‘බී’ කළාපය ජනාධිපති ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානයෙන් පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති XXIX වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවයට පිරිනමන ‘ජනාධිපති ශූරතා කුසලාන’ දිනාගැනීමට ‘බී’ කළාපය සමත් විය. සමස්ත අනු ශූරතාව ‘එච්’ කළාපයට හිමිවිය.

ක්‍රීඩා උළෙලේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (10) පිරිමි සහ කාන්තා පාපැදි තරග දෙක ඇතුළුව අවසන් තරග 15 ක් පැවැත්විණි.

ශූරතාව දිනූ ‘බී’ කළාපය ලකුණු 82 ක් ද, අනු ශූරයන් වූ ‘එච්’ කළාපය ලකුණු 63 ක් ද, ලබාගත්තේය. තෙවැනි ස්ථානයට පත් වූ වික්ටෝරියා කළාපය ලකුණු 53 ක් ලැබීය.

වලව කළාපය ලකුණු 43 ක් ලබා සිව්වැනි ස්ථානය ද, ‘සී’ කළාපය ලකුණු 42 ක් ලබා පස්වැනි ස්ථානය ද, හුරුවැව සහ රඹකැන්ඔය කළාප ලකුණු 29 බැගින් ලබා හයවැනි ස්ථානය ද, මොරගහකන්ද කළාපය ලකුණු 20 ක් ලබා හත්වැනි ස්ථානය ද, මැදිරිගිරිය කළාපය ලකුණු 18 ක් ලබා අටවැනි ස්ථානය ද, ‘එල්’ කළාපය ලකුණු 7 ක් ලබා නවවැනි ස්ථානය ද, පත්විය.

සමස්ත පදක්කම් ශූරතාව රන් පදක්කම් 13 ක් ලබාගත් ‘බී’ කළාපයට ද, එහි අනු ශූරතාව රන් පදක්කම් 7 ක් ලබාගත් වලව කළාපයට ද, හිමිවිය. සමස්ත මලල ක්‍රීඩා ශූරතාව ‘බී’ කළාප ක්‍රීඩික ක්‍රීඩිකාවෝ දිනා ගැනීමට සමත් වූහ.

ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස හුරුළුවැව කළාපයේ රොෂාන් බුද්ධික රාජපක්‍ෂ ද, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කළාපයේ නදීෂා රාමනායක ද, සම්මාන ලැබූහ.

මෙවර මලල ක්‍රීඩා උළෙලේදී නව තරගාවලි වාර්තා 4 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

නදීෂා රාමනායක මීටර 400 කාන්තා ඉසව්ව තත්පර 56.0 කින් අවසන් කරමින් දෙවැනි දිනය වූ ඊයේ එකම නව තරග වාර්තාව පිහිටුවීමට සමත් වූවාය. ඇය විසින්ම 2016 වසරේ තත්පර 57.3 ක කාලයකින් පිහිටුවා තිබූ එම ඉසව්වේ වාර්තාව බිඳ හෙළීම කැපී පෙනුණි.  

පළමු දිනය වූ පෙරේදා (09) යගුලිය විසිකිරීම සහ දුර පැනීම පිරිමි ඉසව්වලදී සංජීව චතුරංග රණසිංහ සහ රොෂාන් බුද්ධික රාජපක්‍ෂ නව මහවැලි ක්‍රීඩා වාර්තා පිහිටුවීමට සමත් වූහ.

මීටර 10000 පිරිමි ඉසව්ව මීට පෙර දෙහිඅත්තකණ්ඩියේදී පැවැති අතර එහිදී ධනුෂ්ක සඳරුවන් දිසානායක විනාඩි 33:19.95 ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලිය වාර්තාවක් පිහිටුවීය. එහිදී දෙවැනි ස්ථානය ලැබූ ටී. ඩබ්ලිව්. රත්නපාල විනාඩි 33:29.73 කින් තරගය අවසන් කරමින් පැවැති වාර්තාව ඉක්මවා ගියේය.

වලව කළාපයේ එස්. ඩී. සංජය රත්නධීර (තත්පර 11.1) සහ වික්ටෝරියා කළාපයේ ෆාතිමා සයියා යමීන් (තත්පර 12.6) මීටර 100 පිරිමි සහ කාන්තා පළමු ස්ථාන දිනාගනින් වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ති උත්සවය ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙම ක්‍රීඩා තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා සියලුම පහසුකම් ලබාදීමට මහවැලි බලධාරීන්ට උපදෙස් දෙන බවයි.

සමාප්ති උත්සවයට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් සහභාගි වූහ.
තිස්වැනි මහවැලි ක්‍රීඩා උළෙල ලබන වසරේ (2018) වලව කළාපයේ පැවැත්වීමට නියමිතය.


අවසන් දින මලල ක්‍රීඩා තරග ප්‍රතිඵල:

● මීටර 400 (කාන්තා) - නව තරගාවලි වාර්තාවකි
1. නදීෂා රාමනායක (තත්පර 56.0 - වලව කළාපය), 2. බී. බී. සඳමාලි පුෂ්පලතා (තත්පර 66.4 - රඹකැන්ඔය) සහ 3. රුවනි පියුමිකා රණසිංහ (තත්පර 68.6 - වික්ටෝරියා කළාපය)

● මීටර 100 (පිරිමි)
1. එස්. ඩී. සංජය රත්නධීර (තත්පර 11.1 - වලව කළාපය), 2. ලසිත ලක්මාල් සෙනෙවිරත්න (තත්පර 11.4 - සී කළාපය) සහ 3. ප්‍රසන්න රූපසිංහ (තත්පර 11.5 - එච් කළාපය)

● මීටර 100 (කාන්තා)
1. ෆාතිමා සයියා යමින් (තත්පර 12.6 - වික්ටෝරියා), 2. ආර්. සුමාලි චානිකා (තත්පර 13.0 - වලව කළාපය) සහ 3. ආර්. එම්. අයේෂා මධුභාෂිනී (තත්පර 13.1 - එච් කළාපය)

● මීටර 5000 (පිරිමි)
1. ධනුෂ්ක සඳරුවන් දිසානායක (විනාඩි 16:00.8 - බී කළාපය), 2. බන්දුල කුමාර හේරත් (විනාඩි 16:12.8 - එච් කළාපය) සහ 3. ටී. ඩබ්ලිව්. රත්නපාල (විනාඩි 16:23:7 - සී කළාපය)

● මීටර 200 (පිරිමි)
1. ප්‍රසන්න රුපසිංහ (තත්පර 22.9 - එච් කළාපය), 2. ජී. එම්. එස්. එම්. අයේෂ් කුමාර (තත්පර 23.4 - බී කළාපය) සහ 3. ලසිත ලක්මාල් සෙනෙවිරත්න (තත්පර 23.5 - සී කළාපය)

● මීටර 200 (කාන්තා)
1. ෆාතිමා සයියා යමීන් (තත්පර 26.7 - වික්ටෝරියා කළාපය), 2. ඩබ්ලිව්. සෙත්මි විතාරණ (තත්පර 27.8 - බී කළාපය) සහ 3. ඩබ්ලිව්. එම්. මධූෂි විතාරණ (තත්පර 28.6 - බී කළාපය)

● තුන්පිම්ම (කාන්තා)
1. එම්. ජී. නිර්මලා කුලසූරිය (මීටර 11.42 - සී කළාපය), 2. විදූෂි සත්සර සංදීපනී (මීටර 11.29 - වලව කළාපය) සහ 3. ඩබ්ලිව්. එම්. කල්පනී තක්‍ෂිලා (මීටර 10.99 - ඩී කළාපය)

● කවපෙත්ත විසිකිරීම (පිරිමි)
1. ඒ. කේ. ඩී. පී. සුධර්ණ (මීටර 37.04 - රඹකැන්ඔය කළාපය), 2. ඩී. එම්. ඩී. ප්‍රියලාල් (මීටර 36.90 - රඹකැන්ඔය) සහ 3. හංසගීත් ද සිල්වා (මීටර 31.59 - බී කළාපය)

● කවපෙත්ත විසිකිරීම (කාන්තා)
1. ජේ. එම් අයි. සඳමාලි (මීටර 32.67 - බී කළාපය), 2. බී. එම්. සී. ඒකනායක (මීටර 26.20 - එච් කළාපය) සහ 3. එච්. පී. පී. සාගරිකා පුෂ්පකුමාරි (මීටර 23.80 - සී කළාපය)

● මීටර 400 (පිරිමි)
1. තුලිත මධුෂංඛ මනවර්ධන (තත්පර 49.4 - බී කළාපය), 2. අයි. බී. අමිල චතුරංග (තත්පර 49.7 - වලව කළාපය) සහ 3 බී. එම්. ජී. සමිත් ලක්‍ෂිත (තත්පර 52.8 - හුරුඵවැව කළාපය)

 

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

‘බී’ කළාපය ජනාධිපති ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.