Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 86 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අද (07) පස්වරුවේ අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට ශාන්ත පීතර විදුහල දෙවැනි වෙනුවෙන් කඩුලු අටක් දැවී ලකුණු 288 ක් රැස්කර සිටියේය.
රුවින් සෙනෙවිරත්න (නොදැවී 53) සහ දනාල් හේමානන්ද (නොදැවී 50) තරගය අවසන් වන විට නවවැනි කඩුල්ලට ලකුණු 88 ක නොබිඳු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.
රිෂික සන්තුෂ් ලකුණු 68 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
පළමු දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට කඩුලු හතරක් ලකුණු 191 ක් රැස්කර සිටි ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම අද ලකුණු 259 කට සීමාවිය.
දිනෙත් ජයකොඩි (122) සහ සදීෂ් ජයවික්‍රම (70) පස්වැනි කඩුල්ලට ලකුණු 192 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වූහ.
දිනෙත් ජයකොඩි පන්දු 133 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර තුනක් සමගින් සිය ලකුණු 122 ක් රැස් කළේය.
දිනෙත් ජයකොඩි 2018 වසරේ සිට මහා ක්‍රිකට් තරගයේ පිතිකරුවකු ලෙස දස්කම් දක්වා ඇති අතර දිනෙත් මෙහිදී තරගයේ වීරයා සම්මාන ලැබීය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී සියලු දෙනා දැවී 224
(ළහිරු චේතක 64, වනුජ කුමාර 48, ෂෙනාල් බෙතේජු 37, අෂේන් ඩැනියල් 70/4, දුනිත් වෙල්ලාලගේ 39/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 259
(දිනෙත් ජයකොඩි 122, සදීෂ් ජයවික්‍රම 70, ජොහෑන් ද සිල්වා 21, විදුර ලියනගේ 56/4, ට්‍රිෂේන් වික්‍රමසිංහ 59/3, දනාල් හේමානන්ද 40/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම ඕවර 87.5 කදී කඩුලු 8 ට 288
(රිෂික සන්තුෂ් 68, නිපුනක ෆොන්සේකා 47, කනිෂ්ක මධුවන්ත 22, රුවින් සෙනෙවිරත්න නොදැවී 53, දනාල් හේමානන්ද නොදැවී 50, දුනිත් වෙල්ලාලගේ 84/4)
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.