Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය 19 දා සිට

‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය 19 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

66


 

ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘ජීප්’ රැළි ශූරතාවලියේ පළමු අදියර වන ‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය පෙබරවාරි මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා දිවයින පුරා කිලෝ මීටර් 1000 ක් ආවරණය වන පරිදි පැවැත්වේ.

පෙබරවාරි 19 වැනිදා කොළඹ 14, ඞීමෝ ආයතනය අසලින් පස්වරු 7.00 ට ආරම්භ වන මෙම රැළියේ පළමු අදියරේදී තරගකරුවන්ට කොළඹ සිට කුරුණෑගල දක්වා පැය 4.30 ක කාලයක් ගමන් කිරීමට සිදුවේ. ඉන් පසුව පැය භාගයක විවේකයකින් අනතුරුව ඔවුන්ට කුරුණෑගල සිට රළු මංමාවත් ඔස්සේ පැය 5 ක කාලයකින් මහනුවරට ලඟා වීමට සිදුවේ.

පෙබරවාරි 20 වැනිදා පස්වරු 4.00 ට මහනුවර නාගරික වෙළඳ සංකීර්ණය (සිටි සෙන්ටර්) අසලින් ආරම්භ වන දෙවැනි අදියරේදී තරගකරුවන්ට මහනුවර නගරය ආශිත මං මාවත්වල  පැය 4.30 ක කාලයක් ධාවනයේ යෙදීමට සිදුවනු ඇත.

ඉන් පසුව මහනුවරදී පැය 2 ක විවේකයක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන්ට තෙවැනි අදියර යටතේ තවත් පැය 4.30 ක කාලයක් ඇතුළත රත්නපුරට හෝ අවිස්සාවේල්ලට ලඟාවීමට සිදුවේ.

සිව්වැනි අදියර යටතේ රත්නපුරෙන් හෝ අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්භ කරන මෙම රැළිය, පෙබරවාරි 21 වැනිදා පෙරවරු 7.00 වන විට නැවත ඞීමෝ ආයතනය අසලට ලඟා වීමෙන් අවසන් වේ.

මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදිනම පෙරවරු 11.00 ට ඞීමෝ ආයතනයේ අනුග‍්‍රහයෙන් ඞීමෝ ආයතනයේදී පැවැත්වේ.

ඇතැම් අවස්ථාවල ශීතල දේශගුණයක් සහිත කඳුකරයේද, තවත් අවස්ථාවක වියළි දේශගුණයක් සහිත රළු මංමාවත් වලද රිය පැදවීමට තරගකරුවන්ට අවස්ථාව උදා බවත්, එය මිනිසා සහ යන්ත‍්‍රය අතර අපූරු සහසම්බන්ධතාවක් ඇතිකරන බවත් රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාන් වාසලතන්ත‍්‍රි මහතා කියා සිටියේය.

 

123

ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාන් වාසලතන්ත‍්‍රි මහතාට ඞීමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරී රජීව් පණ්ඩිතගේ මහතා විසින් තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අවස්ථාව

 

ඡායාරූපය - ශානුක අරවින්ද

 


අදහස් (0)

‘ස්ලාඩාර් 1000’ ජීප් රැළිය 19 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.