Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ 17 දා ඇඹිලිපිටියේදී

‘සැපර්ස් 4x4 ජිම්පෝ’ 17 දා ඇඹිලිපිටියේදී

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදාවේ ඉංජිනේරු බලකාය, ‘ෆෝ වීල්’ රියදුරන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව හයවැනි වරටත් සංවිධානය කරන ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ තරගාවලිය මේ මස 17 වැනිදා තුංකම, ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැත්වේ.

‘ෆෝ වීල්’ රියදුරු සංගමය සංවිධානය කරන 4x4 තරගාවලියේදී සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු සහ සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි ලෙස අත්‍යන්ත (එක්ස්ටී්‍රම්) කාණ්ඩය යටතේ තරග පැවැත්වේ. තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිත දෙස් විදෙස් කණ්ඩායම් සංඛ්‍යාව 18 කි.

චන්ද්‍රිකා වැව ආසන්නයේ පිහිටි යුද හමුදා ඉංජිනේරු පාසලේ ධාවන පථය, ස්වභාවික පරිසරයේ ඇති විවිධ රළු ස්වභාවයන්ට සරිලන ආකාරයෙන් බාධක සහිතව ඉදිකර තිබේ. එහි ප්‍රධානතම ලක්ෂණය වනුයේ ධාවන පථයේ කොටසක් අටේ (8) ඉලක්කමේ හැඩයට, ඉහළින් සහ පහළින් ගමන් කිරීමට හැකිවන ආකාරයට තනා තිබීමයි. එම අටේ ඉලක්කමේ හැඩය ගන්නා ධාවන පථය මැද හමුදා පාලමකට සමාන ‘කම්පැක්ට් 200’ පාලමක්ද ඉදිකර තිබේ.

මෙම ධාවන පථයේ රථ හසුරුවන තරගකරුවන්ට විවිධ බාධක වලට මුහුණදීමට සිදුවන අතර, අසම භූමියේ සංධි ඇතිවන අයුරින් එම බාධක තනා තිබේ. තරගකරුවන් ගුරුත්වාකර්ෂණ බලයෙන් එල්ල වන අභියෝගය මැඩපවත්වා ගන්නා අයුරුද එහිදී පරික්‍ෂාවට ලක්කෙරේ.

ඉක්බිතිව ඔවුන්ට හමුවන්නේ ඉංග්‍රීසි හෝඩියේ V අක්ෂරයේ හැඩයට හාරන ලද මංතීරුවකි. වැලි තලා, ගල් කදු සහ ජල තරණය එහිදී හමුවන අනෙකුත් බාධක වේ.

4x4 තරගාවලියට සමගාමීව ඉසව් 12 කින් සමන්විත යතුරුපැදි තරගාවලියක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සංවිධානය කරන එම තරගාවලිය 4x4 ධාවන පථය අසල ඉදිකර තිබෙන මොටෝ ක්‍රොස් ධාවන පථයේදී පැවැත්වේ.

ඉකුත් වසරේ පැවැති 4x4 තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සුරේෂ් චතුරංග (රියැදුරු) සහ රවින්ද්‍ර සංජීව (සහයක රියදුරු) සමත් වූ අතර යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් විය.


ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

‘සැපර්ස් 4x4 ජිම්පෝ’ 17 දා ඇඹිලිපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.