Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 9 වැනි වරටත් සංවිධානය කරන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා (අනිද්දා) පෙරවරු 9.00 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
සියැට්-ස්ලාඩා ශූරතාවලියේ සිවුවැනි අදියර ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර දක්ෂතම රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 24 ක් ඊට ඇතුළත් වේ.
මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය.
ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස උෂාන් පෙරේරා සම්මාන දිනාගත් අතර දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසානායක සම්මාන දිනාගත්තේය.
(ඡායාරූපය - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.