Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘සී’ කාණ්ඩයේ ශූරතාව අක්බාර් බ්‍රදර්ස් පිලට

‘සී’ කාණ්ඩයේ ශූරතාව අක්බාර් බ්‍රදර්ස් පිලට

ශනුක අරවින්ද - 2018 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩායේ ශූරතාව දිනාගැනීමට අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති එම කාණ්ඩයේ අවසන් මහ තරගයේදී සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 59-52 ක තියුණු ජයක් වාර්තා කරමින් අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 22-18 ක් ලෙස පෙරමුණ ගත් අක්බාර් බ්‍රදර්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 37 ක් එක්කර ගත්හ. සම්පත් බැංකු කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 34 ක් පමණි.

දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වෙමින් ලකුණු 15 ක් රැස්කළ අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායමේ සංඛේත් ජයරත්න අවසන් මහ තරගයේ වීරයා බවට පත් විය. තරගාවලිය පුරා කැපීපෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේම දිමිත්‍රි ග්‍රේබ් ‘සී’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

‘සී’ කාණ්ඩයේ අවසන් මහ තරගය

  • අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම විසින් ලකුණු 59-52 ක් ලෙස සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
  • තරගයේ වීරයා - සංඛේත් ජයරත්න (අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම - ලකුණු 15)
  • තරගාවලියේ වීරයා - දිමිත්‍රි ග්‍රේබ් (අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම)

-036


අදහස් (0)

‘සී’ කාණ්ඩයේ ශූරතාව අක්බාර් බ්‍රදර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.