Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 11 වැනි අදියරේ ජයත් කිටෙල්ට

11 වැනි අදියරේ ජයත් කිටෙල්ට

Nisanka Sandeepani - 2017 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 11 වැනි අදියර ජය ගැනීමට මහ බ්‍රිතාන්‍යය මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 203.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ එයිමෙට් නරගයෙන් ආරම්භ වී පාවෝ නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා කිටෙල්ට ගත වූ කාලය පැය 4 යි විනාඩි 32 යි තත්ත්පර 27 කි. 

මෙවර තරගාවලියේ දෙවැනි, හයවැනි, හත්වැනි, 10 වැනි සහ 11 වැනි අදියරවල ජයග්‍රාහකයා බවට පත්වූයේද කිටෙල්ය. ඒ අනුව මේ දක්වා අදියර 5 ක් ජයගැනීමට ඔහු සමත්ව සිටියි. 

කිටෙල් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ නෙදර්ලන්තයේ ඩයිලන් ග්‍රොයෙන්වෙගන් 11 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, නොර්වේහි එඞ්වල්ඞ් බූසන් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ඕස්ටේ්‍රලියාවේ මයිකල් මැතිව්ස් සහ මහ බි්‍රතාන්‍යයේ ඩැනියෙල් මැක්ලේ පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ. 

11 වැනි අදියර ජයගැනීමට කිටෙල් සමත් වුවද, මුල් අදියර 10 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. 

එහිදී අදියර 11 ක් නිමා කිරීම සඳහා ඔහුට ගත වී ඇති මුලු කාලය පැය 47.01:55 කි. ෆෝම්ට වඩා පැය 1.25:49 ක් පසුපසින් සිටින කිටෙල්ට සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ 146 ස්ථානයයි. 

සමස්ත තරගයේ ප්‍රතිඵලය අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 18 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට්, ෆෝම්ට වඩා තත්ත්පර 51 ක් පසුපසින් සිටියි. 

පාපැදි සවාරියේ 12 වැනි අදියර අද (13 වැනිදා) පාවෝ නරගයෙන් ආරම්භ වී පෙයිරගඞ්ස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 214.5 කි. 

සමස්ත තරගයේ ප්‍රතිඵලය 
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 47.01:55 
2 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 47.02:13 
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 47.02:46 
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 47.02:50 
5 ජකූබ් ෆුගල්සං (ඩෙන්මාකය) - පැය 47.03:32 
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 47.03:39 
7 සයිමන් යේට්ස් (මහ
බ්‍රිතාන්‍යය) - පැය 47.03:57 
8 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියාව) - පැය 47.04:08 
9 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 47.05:01 
10 ජෝජ් බෙනට් (නවසීලන්තය) - පැය 47.05:48 

 

-036 


අදහස් (0)

11 වැනි අදියරේ ජයත් කිටෙල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.