Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ පාපැදි සවාරියේ 12 වැනි අදියර ජයගැනීමට ජර්මනියේ නිල්ස් පොලිට් ඊයේ (8 වැනිදා) සමත් විය. ශාන්ත-පෝල්-ට්‍රොයිස්-චැටෝක්ස් නගරයේ සිට නිම්ස් නරගය දක්වා වූ එම අදියර කිලෝ මීටර් 159.4 දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා පොලිට්ට ගත වූ කාලය පැය 3 යි, විනාඩි 22 යි, තත්ත්පර 12 කි.
විසිහත් වැනි වියේ පසුවන පොලිට් ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් පළමු අවස්ථාව මෙය විය. පොලිට්ට වඩා තත්ත්පර 31 ක් පසුපසින් තරගය නිමා කළ ස්පාඤ්ඤයේ ඉමානෝල් අර්විටී සහ ඕස්ට්‍රේලියාවේ හැරී ස්වීනී පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස 12 වැනි අදියර නිමා කළහ.
12 වැනි අදියර ජයගැනීමට පොලිට් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (9 වැනිදා) තරගයේ 13 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 12 නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 47 යි, විනාඩි 22 යි, තත්ත්පර 43 ක කාලයක් ගත වී ඇත.
පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගෝබර්ටෝ යුරන් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 32 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
12 වැනි අදියරේ ජයග්‍රාහකයන්
1 නිල්ස් පොලිට් (ජර්මනිය) - පැය 3:22:12
2 ඉමානෝල් අර්විටී (ස්පාඤ්ඤය) - පැය 3:22:43
3 හැරී ස්වීනී (ඕස්ට්‍රෙලියාව) - පැය 3:22:43
4 ස්ටෙෆාන් කුන් (ස්විට්සර්ලන්ත) - පැය 3:24:10
5 ලූකා මෙස්ජෙක් (ස්ලෝවැකියාව) - පැය 3:24:18
6 ඇන්ඩ්‍රි ග්‍රිපල් (ජර්මනිය) - පැය 3:24:18
7 එඩ්වඩ් තියුනිස් (බෙල්ජියම) - පැය 3:24:18
8 බ්‍රෙන්ට් වැන් මුවර් (බෙල්ජියම) - පැය 3:24:18
9 ජූලියන් ඇල්ෆයින් (ප්‍රංශය) - පැය 3:24:18
10 සර්ජියෝ හෙනාවෝ (කොලොම්බියාව) - පැය 3:24:18
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 47:22:43
2 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) පැය 47:28:01
3 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 47:28:15
4 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 47:28:16
5 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 47:28:41
6 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 47:28:59
7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 47:29:13
8 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 47:29:54
9 ගුයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 47:32:12
10 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 47:33:11
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.