Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 15 න් පහළ පාපන්දු තරගාවලියට කණ්ඩායම් 600 ක්

15 න් පහළ පාපන්දු තරගාවලියට කණ්ඩායම් 600 ක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය හෙට (14 වැනිදා) ආරම්භ වේ. ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 480 ක් හා බාලිකා කණ්ඩායම් 120 ක් සහභාගි වෙති.

දිවයින පුරා විසිරී පැතිරී ඇති පාසල් 600 ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 9000 ක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වේ. මධ්‍යස්ථාන 30කදී තරග පැවැත්වෙන අතර මෙම වර්ෂයේදී පළමු වරට කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ති‍්‍රක්ක වල තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

දිස්ති‍්‍රක් තරග වලින් සුදුසුකම් ලබන කණ්ඩායම් 21 ක් ඔක්තෝබර් මස 11, 12 හා 13 යන දින වල පැවැත්වෙන අවසන් වටයේ තරග සදහා සහභාගි වෙති. එහිදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වුම් කරන දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට මෙන්ම හොඳම දැළ රකින්නාට සහ දැළ රකින්නියටද කුසලාන පිරිනැමීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ වැඩබලන මහ ලේකම් රාහුල සිරිවර්ධන මහතා මහතා පවසා සිටියේ පාපන්දු කී‍්‍රඩාව පාසල් සිසු සිසුවියන්ට හඳුන්වා දීමට වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය මගින් අවස්ථාව ලැබෙන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දීම පිළිබඳව සමපෝෂ නිෂ්පාදකයන වන ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමට හෘදයාංගම ස්තූතිය පිරිනමන බවයි.

ඉදිරියේ දීත් පාපන්දු කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවන බව ක්‍ඊඛ අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ ෂම්මි කරුණාරත්න මහතා පැවසීය.

පසුගිය වසරේ දී සමපෝෂ අන්තර් පාසල් පාපන්දු කුසලාන තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ සහිරා විදුහල විසින් හිමිකරගන්නා ලද අතර බාලිකා අංශයේ ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් දිනාගන්නා ලදි.

 


අදහස් (0)

15 න් පහළ පාපන්දු තරගාවලියට කණ්ඩායම් 600 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.