Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ පාපැදි සවාරියේ 15 වැනි අදියර ජය ගැනීමට නෙදර්ලන්තයේ බවුකේ මෝලෙමා සමත් විය. කිලෝ මීටර් 189.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ ලායිසැක් නරගයෙන් ආරම්භවී ලේ පොඑන් වෙලායි නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා මොලේමාට ගත වූ කාලය පැය 4 යි විනාඩි 41 යි තත්ත්පර 47 කි.
මෝලෙමාට වඩා තත්ත්පර 19 පසුපසින් පැමිණ තරගය අවසන් කළ ඉතාලියේ ඩියෙගෝ උලිස්සි 15 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ප්‍රංශයේ ටෝනි ගැලෝපේන් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සහ ප්‍රංශයේ වැරෙන් බර්ගුලි පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.
තරගයේ 15 වැනි අදියර ජයගැනීමට මෝලෙමා සමත් වුවද, මුල් අදියර 14 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ 24 වැනි ස්ථානයයි.
අදියර 15 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට සිටින මහ බි්‍රතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත්ව සිටින අතර ඒ සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 64.40:21 කි. ෆෝම්ට වඩා තත්ත්පර 18 ක් පසුපසින් සිටින ඉතාලියේ ෆැබියෝ අරූ සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆෝම්ට වඩා තත්ත්පර 23 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
පාපැදි සවාරියේ 16 වැනි අදියර අද (18 වැනිදා) ලේ පොඑන් වෙලායි නරගයෙන් ආරම්භ වී රොමැන්ස් සුර් අයිසර් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 165 කි.
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 64.40:21
2 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 64.40:39
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 64.40:44
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 64.40:50
5 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 64.41:33
6 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 64.41:38
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 64.42:23
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 64.45:30
9 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 64.45:58
10 ඬේමියානෝ කරුසෝ (ඉතාලිය) - පැය 64.46:26
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.