Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සහය දිවීමේ ඉසව් හතරකදී දැක්වූ දක්ෂතා හමුවේ ශ්රී ලංකාව ඊයේ (27) ඩුබායි නුවරදී නිමාවට පත්වූ 21 වැනි ආසියානු කනිෂ්ඨ (වයස 20 න් පහළ ) මලල ක්රීඩා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්තේය.
එහිදී ශ්රී ලංකාවෙන් පළවු හොඳම සහාය දිවීමේ දක්ෂතාව රිදී පදක්කමක් දිනාගත් මීටර් 4x400 (පිරිමි) ඉසව්වෙන් වාර්තා විය.තත්පර 39.81ක දක්ෂතාවක් පළ කරමින් එහිදී රිදී පදක්කම දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම එම ඉසව්වේ මෙතෙක් දකුණු ආසියානු හොඳම ( කනිෂ්ඨ) දක්ෂතාව පළ කිරිමට සමත් විය.
කවුසල් තමෙල් (කදාන ද මැසිනොද් විදුහල), ඉදුවර වීරරත්න ( මාතලේ ලීඩ්ස්), ඉදුසර විදුෂාන් (කොළඹ ආනන්ද විදුහල), මෙරොන් විජේසිංහ (කොළඹ ආනන්ද විදුහල ),රිදී පදක්කම දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
මෙම ඉසව්වේ මූලික වටයේදී ශ්රී ලංකා කණ්ඩායම තත්පර 40.37 කට ශ්රී ලංකා වාර්තාව (කනිෂ්ඨ) අබිබවා යමින් අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමත් කැපී පෙණුනි.
ශ්රී ලංකාව මෙම තරගාවලියේදී මීටර් 4 ×x400 කාන්තා හා පිරිමි යන සහාය දිවීමේ ඉසව් දෙකන්ම ලෝකඩ පදක්කම් හිමි කර ගත්තේය.මීටර් 4x400 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 46.20 කට ලෝකඩ පදක්කම හිමි කර ගත් ශ්රී ලංකා කණ්ඩායමට ප්රවින්දි දුණුසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා), ජිත්මා විජේතුංග (වත්තල ලයිසියම්),චාරුනී ප්රමුදිකා (ගම්පහ සිරිකුරුස විදුහල), නුහන්සා කොඩිතුවක්කු (මාතර) ඇතුළත් වුහ.
විනාඩි3 තත්පර 09.48 කට මීටර් 4x400 (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායමට අවිශ්ක රාජපක්ෂ (කුරුනෑගල මලියදේව පිරිමි විදුහල), ෂශින්ත සිල්වා (මොරටුව ශා. සෙබස්තියන් විදුහල), හසිදු නෙත්සර (කොළඹ ලුම්බිණි විදුහල),ජත්ය කිරුලු (ගාල්ල මහින්ද විදුහල) ඇතුළත් වුහ.
මෙම තරගාවලියේදී ශ්රී ලංකාව දිනාගත් සෙසු පදක්කම් අතර තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් හිමි කර ගත් රිදී පදක්කම හා මීටර් 4 x400 (මිශ්ර) ඉසව්වෙන් හිමි කර ගත් ලෝකඩ පදක්කමද වේ.
වසර 1986 න් පසුව තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් ශ්රී ලංකාව පදක්කමක් දිනා ගැනීමේදී නෙත්මිකාගේ රිදී පදක්කම වාර්තා වන්නේ මිටර් 13.01ක් ලෙසිනි.මිශ්ර සහය දිවීමේ ඉසව්වෙන් ගිය වර තරගාවලියේදී ශ්රී ලංකාව රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
කෙසේ වුවත් සහාය දිවීමේ ඉසව් කෙරෙහි වඩාත් නැ,ඹුරු වෙමින් ශ්රී ලංකාව මෙවර තරගාවලියට තරගකරුවන් 17 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කළ අතර එහිදී ඉන් 13 දෙනකුම පදක්කම් හිමි කර ගෙන තිබීම කැපී පෙනේ.
ගිය වර කොරියාවේදී (2023) පැවැති තරගාවලියේදී ශ්රී ලංකාව රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් සමග එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායම හෙට (29) අලුයම දිවයිනට ළගාවීමට නියමිතය. ශ්රී ලංකාවේ මෙවර දක්ෂතා අගය කළ හැකි තත්ත්වයක් ගන්නා බව විශේෂයෙන්ම නවක යොවුන් ක්රීඩකයන් බහුතරයකගේ සහභාගිත්වයෙන් පෙන්නුම් කරන බව ශ්රී ලංකා මලල ආයතනයේ ප්රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.ඔවුන් කෙටි කාලින පුහුණුවකින් පසුව තරග සංචාරයට එක්වීමත් එහිදී අමතක කළ නොහැකි බවත් එහිදී ඔහු පැවැසීය.
මෙම තරගාවලියේදී මහජන චීනය රන් පද්ක්කම් 16 ක් දිනා ගනිමින් එය ජය ගත්තේය.අසළ්වැසි ඉන්දියාව මෙම තරගාවලියට 60 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කරමින් රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 11 ක් හා ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත් විය.
මීටර 400x4 ලෝකඩ පදක්කම් ලාභී කාන්තා කණ්ඩායම...
මීටර 400x4 ලෝකඩ පදක්කම් ලාභී මිශ්ර සහාය දිවීමේ කණ්ඩායම...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.