Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 19 න් පහළ පුහුණුකරු චාමර සිල්වා

19 න් පහළ පුහුණුකරු චාමර සිල්වා

editorial - 2025 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වා මහතා පත්කර තිබේ. චාමර සිල්වා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ෂෂෂ වැනි ශ්‍රේණිය සමත් පුහුණුකරුවෙකි. 

මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් නම්කර තිබෙන චාමර සිල්වා මහතාගේ ධූර කාලය වසර 2026 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වනු ඇත. 2026 දී පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයයි. 

කලක් පානදුර ක්‍රීඩා සමාජයේ නායකත්වය දරමින් එහි පුහුණුකරුවා ලෙසින් ද කටයුතු කළ චාමර සිල්වා ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් ද පුහුණුකරමින් අත්දැකීම් ලබා ඇති, වසර ගණනාවක්ම පළමු පෙළ තරග නියෝජනය කළ පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. චාමර සිල්වා, පොලිස් ක්‍රීඩා සමාජයේ මෙන්ම බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේත් පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 75 කට සහ ටෙස්ට් තරග 11 කට ක්‍රීඩා කර ඇති චාමර සිල්වා, විස්සයි-20 අන්තර්ජාතික තරග 16 කට සහභාගි වී තිබේ. 

- 213


අදහස් (0)

19 න් පහළ පුහුණුකරු චාමර සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.