Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2003 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඕස්ටේ‍්‍රලියානු පිල නවසීලන්තය පරාජය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඕස්ටේ‍්‍රලියානු ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක ජෝර්ජ් ගේ‍්‍රගන් සිය ප‍්‍රතිවාදී කි‍්‍රඩක බයිරන් කෙලර්ට සරදම් කළේ ”තව අවුරුදු 4 ක් ඉන්න වෙනවා” යැයි කියමිනි.
එම අවසන් පූර්ව තරගයේදී ලද පරාජය නවසීලන්තයට ඔවුන්ගේ දෙවැනි රග්බි ලෝක කුසලානය අත්කරගැනීමේ සිහිනය තවත් අවුරුදු 4 කින් නොව 8 කින් දිග්ගැස්සුණු කාරණයක් බවට පත්විය. නවසීලන්තය අන්තිමේ දී ඒ සිහිනය සැබෑ කරගත්තේ 2011දීය. එනම් ඔවුන් පළමු ලෝක කුසලාන දිනාගැනීමෙන් වසර 24 කට පසුවය.
දකුණු අපි‍්‍රකානුවන් ඊයේ (24 වැනිදා) නවසීලන්තයේ ඊඞ්න් පාක් කී‍්‍රඩාංගණයෙන් නික්ම ගියේද කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සිය පළමු ලෝක කුසලානය දිනාගැනීමේ සිහිනය තවත් වසර 4 කට කල්ගිය බව දැනගෙනය.
අනූව දශකයේ අගභාගයේ නිව්ලන්ඞ්ස් පිටියේ දී පැවැති එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායම හා දකුණු අපි‍්‍රකානු අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු හිස්වැස්ම පැළඳ කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ග‍්‍රාන්ට් එළියට්ට උදාවිය. එම තරගයේ දී ඔහු විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කිරිමටද සමත්විය.
එහෙත් එළියට් අවුරුදු 20 ගණන්වල මුල්භාගයේ දී නවසීලන්තයට සේන්දු වූයේ සිය කි‍්‍රකට් දිවිය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් යුතුවය. අන්තිමේදී නවසීලන්තය වෙනුවෙන් සෑම මුහුණුවරකම කි‍්‍රකට් තරගවලට එක්වීමේ අවස්ථාව ඔහුට උදාවිය.
ඔහුගේ අන්තර්ජාතික තරග දිවිය තරමක් අයහපත් එකක් බවට පත්වී තිබිණි.
නමුත් නොසැලෙන සුලූ මානසිකත්වයෙන් යුතු එළියට් ඒ ගුණාංගය නිසාම ජේම්ස් නීෂම් අභිබවා යමින්, නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාවට එක්වීමේ භාග්‍යය හිමිකරගත්තේය.
මේ දුෂ්කර තේරීම කළ නවසීලන්තයේ තේරීම් කමිටුවට ප‍්‍රශංසාව හිමිවිය යුතුය. දක්ෂතාවට වඩා මානසික ඒකාග‍්‍රතාව අතින් ඉදිරියෙන් සිටිමින්, එලියට් ඊයේ කී‍්‍රඩා කළේ ඔහුගේ හොඳම ඉනිමයි.
මේ තරගය හා 1999 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අපි‍්‍රකානු හා ඕස්ටේ‍්‍රලියාව අතර පැවැති අවසන් පූර්ව තරගය අතර සමානතා බොහෝය. 1999 අවසන් පූර්ව තරගය විශිෂ්ටතම එක්දින තරගය ලෙස හැඳින්වූවත් ඊයේ තරගය ද ඊට දෙවැනි වූයේ නැත.
වේලාසනින් කඩුලූ දෙකක් බිඳ වැටීමත්, වර්ෂාවෙන් බාධා ඇතිවීමත් හැරුණාම මට හිතෙන හැටියට දකුණු අපි‍්‍රකාව ඔවුන්ගේ ඉනිම සුපිරි මට්ටමෙන් ගොඩනැගුවේය. ඩුප්ලෙසිස් හා රොසොව් ඉනිම යළි ගොඩනැගීමේ දී සැළකිය යුතු තැන්පත්බවක් පෙන්නුම් කළහ. ඔවුන් ඩිවිලියර්ස්ට හා මිලර්ට කී‍්‍රඩා කිරීමට අවශ්‍ය ආකාරයේ වේදිකාවක් තනා දුන්හ.
දකුණු අපි‍්‍රකානුවන් ඕවර 43 කදී ලකුණු 281 ක් ලබාගැනීම ගැන සෑහීමකට පත්වූවා සේම ඒ හා සමාන ඕවර සංඛ්‍යාවකදී ප‍්‍රතිවාදීන්ට අවශ්‍යවූ ලකුණු 298 නොදී රැුකගැනීමට හැකි අන්දමේ තෘප්තියකින් යුතුවද පසුවූහ.
දකුණු අපි‍්‍රකානු ඉනිමට වර්ෂාව ඇතිකළ බලපෑම තරමක විවාදයට තුඩුදෙන කරුණකි. එය නියත වශයෙන්ම නවසීලන්තයට ප‍්‍රතිසංවිධාන ගතවීමට තරම් යෝග්‍ය පසුබිමක් උදාකළ බව මගේ විශ්වාසයයි.
දකුණු අපි‍්‍රකාව දිගටම කී‍්‍රඩා කළා නම් අඩුම තරමින් ඕවරයකට ලකුණු 10ක වේගයක් පවත්වාගනිමින් ලකුණු 340 ක පමණ ඉනිමක් ගොඩනැගීමට ඉඩ තිබිණි.
සිය ඉලක්කය වෙත යාමට නවසීලන්තයට ඕවරයකට ලකුණු 7ක පමණ වේගයක් පවත්වාගැනීමට සිදුවී තිබුණත් ඕවර 43 ක් ගැන නොසිතා ඕවර 50 ක ඉනිමක් කරා යන්නා සේ සිය ලකුණු ලබාගැනීමේ වේගය නඩත්තු කිරීම වඩාත් පහසුවක් බව ඔවුන් සිතන්නට ඇත. ඉනිමේ බරපතලකම අඩුකරගැනීමට ආරම්භයේ දී මැකලම් දුන් දායකත්වය වැදගත් එකකි.
නවසීලන්තයට පස්වැනි පන්දු යවන්නකු භාවිතා කිරීමට සිදුවන තරමට සිය ඉනිමට ඉතා බරපතල ලෙස අවතීර්ණවීම දකුණු අපි‍්‍රකානු පිල අතිශය වැදගත් වනු ඇතැයි මම මීට පෙර ලිපියක සඳහන් කළෙමි. නමුත් වර්ෂාව ඔවුන්ගේ අවස්ථාව උදුරා ගත්තේ නවසීලන්තයේ පස්වැනි පන්දු යවන්නා ඕවර 8 කට පමණක් සීමාකරමිනි.
එමෙන්ම වර්ෂාව තණතීරුවෙන් පිට තෙත ස්වභාවයක් නිර්මාණය කළේය. දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් පන්දු යවද්දී ප‍්‍රතිවාදීන්ට බුරුලක් ලැබෙන තරමට පන්දුව සැහැල්ලූ වීමක් දක්නට ලැබිණි. පන්දු යවන්නන්ට මේ සාධකය සමග පොර බඳින්නට සිදුවී තිබූ බව පැහැදිලිය.
අවසන් පූර්ව තරගයක් පරාජය වුවහොත් තරගාවලියෙන් ඉවතට විසිවීම කී‍්‍රඩාවේ ස්වභාවයයි. එබැවින් අවශ්‍ය ආකාරයට ඉක්මනින්ම හැඩගැසෙන කණ්ඩායම ඉදිරියට යයි.
වසර 1999 ලෝක කුසලාන තරගමාලාවේ දී ඕස්ටේ‍්‍රලියාව එක් අවස්ථාවක පසුවූයේ අඩමාන තත්ත්වයකය. අවසන් පූර්ව වටයට යාමට ඔවුන්ට මූලික වටයේ ඉතිරි තරග සියල්ල ජයගැනීමට සිදුවී තිබිණි. ලැබෙන සෑම අර්ධ වාසිදායක අවස්ථාවකදීම නිසි ඵල නෙලාගැනීම ගැන ස්ටීව් වෝ කතා කළේය. නමුත් දකුණු අපි‍්‍රකානු පිල එවැනි අර්ධ වාසිදායක අවස්ථා ගණනාවක්ම ඊයේ මඟහරවා ගත්තේය. එහි ප‍්‍රතිඵලය අවසානයේ ඔවුන්ට දැඩි ලෙස බලපෑවේය.
මැකලම්ට පන්දු යැවීමේ දී ඔවුන් කළින් සූදානම් කළ සැලැස්මෙන් එහෙම පිටින්ම පිට පැන දුර්වල පන්දු යැවීමක නිරතවූහ. මෙය ප‍්‍රතිවාදී පිලේ මැදපෙළ පිතිකරුවන්ට තරගයේ වාසිය තම අණසකට නතුකරගැනීමට අවස්ථාව උදාකර දුන්නේය.
මේ පිළිබඳ තව දුරටත් පරික්ෂාවට ලක් කිරීමේ දී කයිල් ඇබට් වෙනුවට වර්නන් ෆිලැන්ඩර් තෝරාගැනීම, දුවද්දී දැවීයාම් දෙකක් මඟහැරීයාම, බෙර්හර්ඞීන් හා ඩුමිනි අතර ඇතිවූ අනවබෝධය වැනි කරුණු රැුසක් ගැන කතා කිරීමට අපට සිදුවෙයි. නමුත් අවසානයේ බලද්දී ඊයේ නවසීලන්තය හැම අතින්ම හොඳම කණ්ඩායම විය. එමෙන්ම තරගමාලාව පුරා මේ දක්වා හොඳම කණ්ඩායම ද විය.
ලෝක කුසලාන තරගමාලාවන් හී පිළිිමළුන් පිටුදැකීමේ වටයේ මෙවැනි පරාජයන් ගැන මට අත්දැකීම් තිබේ. එමෙන්ම එවැනි තරගවල ලබන පරාජයන් කාලයක් යනතුරු සිත පාරවන්නාක් බවත් මම දනිමි. නමුත් කණ්ඩායම ඉක්මනින්ම නැවත නැගී සිටිනු ඇත.
අවස්ථා හයකට පසුව අන්තිමේ දී නවසීලන්තයට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් දිනාගැනීමට හැකිවිය. ඔවුන් ඒ සඳහා හැම අතින්ම සුදුසුකම් ලබා සිටියේය.
ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මම ඔවුන්ට සුබපතමි.
(අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.