Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේදී ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලි 8 කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. මේ සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතයක්ද නම්කර ඇත.
මෙම සංචිතය ඉදිරියේදී වඩාත් ශක්තිමත් කිරීම සඳහා වයස 21 න් පහළ කනිෂ්ඨ සංචිතයක් මෙන්ම වයස 16 න් පහළ සංචිතයක්ද සූදානම් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කටයුතු යොදාගෙන යයි. ජාතික කනිෂ්ඨ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් තෝරා ගැනීමට නියමිත අතර 16 න් පහළ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 60 දෙනකු දැනටමත් තෝරාගනු ලැබ ඇත.
ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙසින් ආසියානු තරගාවලි ජයග්‍රහණ ලබාදුන් තිලකා ජිනදාස මෙනවිය කටයුතු කරයි. ඇයගේ සහාය පුහුණුකාරිණිය ලෙස දීපි නාලිකා ප්‍රසාදි කටයුතු කරන්නීය.
මේ වන විටත් තෝරාගනු ලැබ ඇති 16 න් පහළ කණ්ඩායමේ පුහුණුකාරිනියන් ලෙස යසන්ති තුෂාරිකා සහ ලක්මිණි සමරසිංහ කටයුතු කරති. ඔවුන් දෙදෙනාගේ සහායට සේමිණි ද අල්විස් සහ මංගලිකා ජයකොඩි කටයුතු කරති.
21 න් පහළ කනිෂ්ඨ සංචිතය සඳහා අමල්කා ගුණතිලක, කුමාරි ගමගේ සහ ඩිල්ෂානි බුද්ධිකා යන අයගෙන් පුහුණුකාරිනියන් තෝරා ගැනීමට නියමිතය.
2020 වසරේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික දැල්පන්දු තරගාවලි
■ පෙබරවාරි 20 සිට 25 දක්වා සිව් කොන් ටෙස්ට් තරගාවලියක් ලෙස හොංකොංහීදී. බෲනායි, කෙන්යාව, හොංකොං සහ ශ්‍රී ලංකා කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වෙති.
■ අප්‍රේල් මාසයේදී රටවල් තුනක් ශ්‍රී ලංකාවේදී සංචාරය කිරීමට නියමිතය.
■ මැයි මාසයේදී මලාවි හෝ කෙන්යානු කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
■ ජුනි මාසයේදී ශ්‍රී ලංකාව දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගී වීමට නියමිතය.
■ අවුරුදු 16 න් පහළ කණ්ඩායම සිංගප්පූරුවේ දැල්පන්දු විද්‍යායතන තරගාවලියට සහභාගී වෙයි.
■ නොවැම්බර් - දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන තරගාවලියකට සහභාගි වෙයි.
■ නොවැම්බර් - දෙසැම්බර් මාසවලදීම සිංගප්පූරු ජාතික කුසලාන තරගාවලියද පැවැත්වේ.
■ ආසියානු ගෘහස්ථ ක්‍රීඩා ශූරතාවලිය තායිලන්තයේදී. මෙම තරගාවලිය සඳහා තවමත් දින නියම වී නැත.
දේශීය දැල්පන්දු තරගාවලි
■ ජූලි මාසයේදී අන්තර් සමාජ ශූරතාවලිය
■ අගෝස්තු මාසයේදී දැල්පන්දු ජාතික ශූරතාවලිය
■ සැප්තැම්බර් මාසයේදී ජාතික කනිෂ්ඨ ශූරතාවලිය
....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.