Last Update  :  2025-02-28 20:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2027 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ

2027 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ

editorial - 2025 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 2027 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීමේ බලාපොරොත්තු ඇතිව සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කෙරෙන බව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ජනමාධ්‍ය නියෝජිතයන් සමග අද (24 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා ඇමතිවරයා ඒ බව අනාවරණය කළේය. 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවත් මෙවර එය ස්ථිර වශයෙන්ම කෙරෙන බවත් ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

වසර 2028 සහ 2032 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ ඒ අතරවාරයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගතකිරීම තව නොබෝ දිනකින් ආරම්භ කෙරෙන බව ද ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා පැවසීය. ජාතික ක්‍රීඩා සංගම් වල සියලුම සංචිත එක තැනකට කැඳවිය යුතු හෙයින්, වඩාත් ඉඩකඩ ඇති දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණය ඒ සඳහා සූදානම් කෙරෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය. 

ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතන වල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා ඇමතිවරයාත් ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයාත් අතර අද පැවැති සාකච්ඡාව පැය එක හමාරක් පමණ දීර්ඝ එකක් විය. එහිදී ඇමතිවරය අවධාරණය කර සිටියේ ක්‍රීඩා අමාත්‍යංශයේ මෙතෙක් කලක් පැවැති අඩුපාඩු සියල්ලම මඟහරවා නිසි ක්‍රමවේදයක් මෙන්ම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කරන බවයි. ඒ වෙනුවෙන් තවත් ටික කාලයක් ඉවසා සිටින ලෙසත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 


අදහස් (1)

2027 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ
  • ගුණරත්න Tuesday, 25 February 2025 07:56 AM

    සල්ලි පුච්චන වැඩක්, ආණ්ඩුවට ඊළඟ ඡන්දයේ විකුණගන්න නම් පුළුවන් වෙයි, මිනිස්සුන්ට චූන් වෙන්න හොඳ වෙයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.