Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඩිලේඞ් ඕවල් පිටිය හා පවතින සබැඳියාව තවදුරටත් තහවුරු කළ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් එම කී‍්‍රඩාංගණයේදී ලබාගත් හයවැනි ටෙස්ට් ශතකය (148) නිසා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද සවස කී‍්‍රඩාව නතර කිරීමට පෙර සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 570 ක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිලට හැකිවිය.
එතැනින් නතර නොවූ ඕස්ටේ‍්‍රලියානුවෝ අද දිනයේ කී‍්‍රඩාව අහවර වීමටත් පෙර පිතිකරු දඩයම අරඹමින්, එංගලන්තයේ ප‍්‍රබලතම පිතිකරුවා වන නායක ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිම ලකුණු 7 කට සීමා කළහ.
පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල විනාශ කළ මයිකල් ජොන්සන්ගේ අධිවේගී පන්දුවක් කුක්ගේ පිත්ත පැමිණිමටත් පෙර කඩුල්ල සොයා ඇදී ගියේය. දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට එංගලන්ත පිල කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.
අද දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 516 ක් ලබා සිටි අතර රයාන් හැරිස් සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ඕස්ටේ‍්‍රලියානු පිල ඉනිම නතර කළේය.
පැය හයකට ආසන්න කාලයක් පිටියේ රැුඳුනු මයිකල් ක්ලාක් ලකුණු 148 ක් ලබාගත් අතර ඔහුගේ උපනායකයා වන බ‍්‍රැඞ් හැඩින් ලකුණු 118 ක් ලබා ගත්තේය. දිනය ආරම්භයේ සිටම කඩුලූ රැුකගත් මෙම පිතිකරුවන් දෙදෙනා අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 200 කි.
තරගයේ පළමු දිනයේදීම උඩපන්දු තුනක් බිමදැමීමෙන් සිය පන්දු යවන්නන් අසහනයට පත්කළ මයිකල් කාබෙරි අද පෙරවරුවේදීත් තවත් දවාගැනීමේ අවස්ථාවක් අපතේ හැරියේය. බ‍්‍රැඞ් හැඩින් ලකුණු 18 ක් ලබා සිටියදී අවදානම් සහගත තනි ලකුණකට එන්න’යි මයිකල් ක්ලාක් පැවසූ හෙයින් හැඩින් දිවගියද පන්දුව නිසි එල්ලයට යැවීමට කාබෙරි අසමත් වීම නිසා ඉතාමත් පහසුවෙන් හැඩින් දවාගැනීමේ අවස්ථාවක් අපතේ ගියේය. අනතුරුව හැඩින් ලකුණු 30 ක් ලබා සිටියදී ඇන්ඩසන්ගේ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් කරා යාමට මොන්ටි පනීසාර් උත්සුක නොවීය.
ක්ලාක් ලකුණු 91 ක් ලබා සිටියදී ලැබුණු අසීරු උඩපන්දුවක් ඉයන් බෙල්ගේ අතේ ගැවී ඇදී ගියේය.
සියලූ අවස්ථා ගිළිහී යද්දී අවාසනාව තවදුරටත් එංගලන්ත කී‍්‍රඩකයන් ලූහුබඳින බව සනාථ වූයේ රූපවාහිනියෙනි. සිය මංගල තරගයට කී‍්‍රඩා කරන බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවකට කඩුලූ රකින්නාට උඩපන්දුවක් දුන් මයිකල් ක්ලාක් දවාගත හැකිව තිබුණද රූපවාහිනියේ දිස්වූයේ බෙන් ස්ටෝක්ස් තම සීමාව පසුකර පන්දු යැවූ බවයි. ඒ වන විටත් ක්ලාක් සිය ශතකය ලබා නොතිබිණ.
ඕවරය අවසානයේදී හැඩින් සහ ස්ටෝක්ස් අතර වචන හුවමාරුවක් ඇතිවූ නමුත් විනිසුරු මාරියස් එරැස්මස් ඊට මැදිහත්වී තත්ත්වය පාලනය කළේය.
පෙරවරුවේ ගෞරව දිනාගැනීමට 32 හැවිරිදි මයිකල් ක්ලාක් සමත් විය. මොන්ටි පනීසාර්ටත්, වේග පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ඇන්ඩසන් සහ බෙන් ස්ටෝක්ස් තිදෙනාටත් සිත්සේ පහර දුන් ක්ලාක්, පන්දු 245 කට මුහුණ දෙමින් හතරේ පහර 17 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
ක්ලාක් මේ වන විටත් ඇඩිලේඞ් පිටියේදී ටෙස්ට් ද්විත්ව ශතක දෙකක්, ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් ලබාගෙන ඇත්තේ තරග 9 ක් පමණක් කී‍්‍රඩා කරමිනි. මෙම කී‍්‍රඩාංගණයේදී ඔහුගේ හොඳම ඉනිම වන්නේ පසුගිය වසරේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලබාගත් ලකුණු 230 යි.
බි‍්‍රස්බේන්හි පැවැති තරගයේදීත් ශතකයක් ලබාගනිමින් එංගලන්ත පිල පරාජය වෙත තල්ලූකර දැමූ මයිකල් ක්ලාක් අද ලබාගත්තේ සිය 26 වැනි ටෙස්ට් ශතකයයි. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ශතක 29 පසුකර යාමට ක්ලාක්ට තවත් අවශ්‍යව ඇත්තේ ශතක 3 ක් පමණි.
පැය හතරකට වැඩි කාලයක් පිටියේ රැුඳී සිටි බ‍්‍රැඞ් හැඩින් සිය ශතකය කරා යාමේදී පන්දු 177 කට මුහුණ දෙමින් හතරේ පහර 11 කින් සහ හයේ පහර 5 කින් නරඹන්නන් පිනවීය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 570
(කි‍්‍රස් රොජර්ස් 72, ඬේවිඞ් වෝනර් 29, ෂේ්න් වොට්සන් 51, මයිකල් ක්ලාක් 148, ජෝර්ජ් බේලි 53, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 118, රයාන් හැරිස් නොදැවී 55, ජේම්ස් ඇන්ඩසන් 85/1, ස්ටුවර්ට් බ්‍රොඞ් 98/3, ගේ‍්‍රඒම් ස්වෝන් 151/2, මොන්ටි පනීසාර් 157/1, බෙන් ස්ටෝක්ස් 70/2)
එංගලන්තය පළමු ඉනිම - කඩුලූ 1 ක් දැවී 35
(මයිකල් කාබෙරි නොදැවී 20 ජෝ රූට් නොදැවී 09, මිචෙල් ජොන්සන් 09/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.