Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අංක එකට පොරය ඇරඹෙයි

අංක එකට පොරය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානය තීරණය කෙරෙන ඉන්දිය - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය හෙට ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය හෙට (1 වැනිදා) ඩර්බන්හිදී පැවැත්වෙන අතර මෙම තරගය දිවා/රාත්‍රී තරගයකි.

මේ වන විට එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සතුව ප්‍රසාද ලකුණු 120 ක් තිබේ. ඉන්දියාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119 කි.

එබැවින් තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ ප්‍රතිඵලය අනුව අංක එකේ කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් එක්දින අන්තර්ජාතික තරග වල ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තරගයෙන් තරගයට වෙනස් වන බැවින් තරගාවලිය පැවැත්වෙන සමයේදී අංක 1 ස්ථානය දෙපිලටම දෝලනය විය හැකි නමුත් තරගවලියේ අවසන් එක්දින තරගය 16 වැනිදා සෙන්චූරියන්හිදී පැවැත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ගතහැකිවනු ඇත.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් මහතා මෙම ශේණිගත ස්ථානය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වයි. ඔහුගේ ඉලක්කය 2019 දී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමයි. තරගාවලියේ පළමු තරග තුන සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 15 දෙනකු තෝරා ගෙන ඇති අතර ඉතිරි තරග තුන සඳහා සෙසු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබිය හැකි බවද ඔටිස් ගිබ්සන් මහතා කියයි.

“අපි ලෝකයේ අංක 1 කණ්ඩායම. ඒත් ලෝක කුසලාන තරගාවලියට තිබිය යුතු සූදානම් වීම සම්බන්ධයෙන් එයින් වැඩිපුර යමක් කියැවෙන්නේ නෑ”

“අනෙක දිනනවා කියන්නේ සියල්ල සම්පූර්ණයි කියන එකත් නෙමේ. මේ තරගාවලිය ජයගන්න අපි උත්සාහ කරනවා වගේම ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙනුත් අපට කිසියම් දැක්මක් තියෙනවා. අපි ඒ කරා යන්න උත්සාහ කරනවා” යයිද දකුණු අප්‍රිකානු පුහුණුකරුවා කීවේය.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ සිටින හොඳම පිතිකරුවන් 10 දෙනකුගෙන් 6 දෙනකුම මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ඇත. ඉන්දීය නායක විරාට් කෝලි එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ සිටින අතර ඔහු ආසන්නයේම ඒ.බී. ඩිවිලියර්ස් සිටී. එහෙත් ඇඟිල්ලක් තුවාල කරගැනීම නිසා ඩිවිලියර්ස් පළමු තරග තුන වෙනුවෙන් ක්‍රීඩා නොකරයි.

දකුණු අප්‍රිකානුවන් වන ක්වින්ටින් ඩි’කොක්, ෆෆ් ඩුප්ලෙසි සහ හසිම් අම්ලාද ඉන්දියානුවන් වන රෝහිත් ෂර්මාද පළමු 10 දෙනා අතර සිටිති. ෂිකාර් ධවාන් සහ මහේන්ද්‍ර සිං දෝනි 13 වැනි සහ 14 වැනි ස්ථාන වල සිටිති.


දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩු ප්ලෙසි (නායක), හසිම් අම්ලා, ක්වින්ටින් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඉම්රාන් තහීර්, ඒඞ්න් මාක්රාම්, ඬේවිඞ් මිලර්, මෝර්නි මෝකල්, ක්‍රිස් මොරිස්, ලුංගි නිදි, ඇන්ඩිල් පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, තබ්රායිස් ශම්සි සහ කායා සොන්ඩෝ

ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ජස්ප්‍රීට් බුම්රා, යුෂ්වේන්ද්‍ර චාහල්, ෂිකාර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, ශ්‍රියාස් අයියර්, කේදර් ජාදව්, දිනේෂ් කාර්තික්, කුල්දිප් යාදව්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් සාමි, මනීෂ් පාණ්ඬේ, හර්දික් පාණ්ඩ්‍යා, අක්ෂර් පතෙල්, අජින්ක්‍යා රහනේ සහ ශාර්දුල් ඨාකූර්

 


අදහස් (0)

අංක එකට පොරය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.