Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අංජලිකා කුරේරා සහ අනීකා සෙනෙවිරත්න සමත්ව සිටිති. ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන අවසන් මහ තරගය හෙට පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතය.
ජනාලි මනම්පේරිට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/0, 6/0) ජයක් වාර්තා කරමින් අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. අංජලිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 6/0) ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරමිනි.
තරගාවලියේ කාන්තා යුගල තරගය අද (31 වැනිදා) කොළඹ, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී අනීකා සෙනෙවිරත්න සහ ඇගේ සොහොයුරිය වන ඇලනා සෙනෙවිරත්නට එරෙහිව සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි තරග වැදීමට නියමිතය.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 7/5) ලෙස කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරමින් සවිනි සහ ජනාලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. අනීකා සහ ඇලනා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/4, 6/3) ලෙස ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
කාන්තා කේවල
අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/0, 6/0)
අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරන ලදි. (6/1, 6/0)
කාන්තා යුගල
සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-0 ක් ලෙස කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරන ලදහ. (6/1, 7/5)
අනීකා සෙනෙවිරත්න සහ ඇලනා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කරන ලදහ. (6/4, 6/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.