Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක අක්සර් පටේල් වෙනුවට මේ වන විට 37 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩකයක රවිචන්ද්‍රන් අෂ්වින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයකදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අක්සර් පටේල්ට එම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඔහුගේ ආදේශකයා ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින අෂ්වින් මේ වන විට ඉන්දීය කණ්ඩායම සමග පෙරහුරු තරගවලට සහභාගිවීම සඳහා ගුවහටි නුවර බලා පිටත්ව ගොස් ඇත.
පසුගිය දින කිහිපය තුළ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් අෂ්වින්ට යළිත් වරක් එක්දින කණ්ඩායමේ දොරටු විවර වී තිබේ. අෂ්වින්ට අමතරව වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා සහ චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව්ද ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිති.
ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), හර්දීක් පාණ්ඩ්‍යා (උප නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ලෝකේෂ් රාහුල්, ඉෂාන් කිෂන්, සූර්යකුමාර් යාදව්, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අෂ්වින්, කුල්දීප් යාදව්, ශර්ධුල් ඨාකූර්, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රීට් බුම්රා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.