Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු පිලේ ප‍්‍රබලතම දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ඊයේ (7 වැනිදා) නිවේදනය කළේය. මෙම නිවේදනයේ වැඩිදුරටත් සටහන් වූයේ බංග්ලාදේශ කී‍්‍රඩක සොහාග් ගාසිගේ පන්දු යැවීමේ ඉරියව්වද නීත්‍යානුකූල බවයි.
මෙම පන්දු යවන්නන් දෙදෙනාම සිය මූලික පරීක්‍ෂණ අසමත් වූහ. එහෙත් පසුව කරන ලද සංශෝධන මගින් ඔවුන් දෙදෙනාම තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන ඇති බව කියැවේ.
”මෙම පන්දු යවන්නන් දෙදෙනාම පන්දු යැවීමේදී ඔවුන්ගේ ඉරියව් අත නැවීමේ නියමිත ප‍්‍රමාණය වන අංශක 15 සීමාවට ඇතුළත් බව පෙනෙනවා” යයි අන්තර්ාජාතික කි‍්‍රකට් සභාවේ නිවේදනයකින් කියැවිණ.
චෙන්නායිහි ශී‍්‍ර රාමචන්ද්‍ර විශ්ව විද්‍යාලයේදී ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් නැවත පරීක්‍ෂණයට ලක් කරන ලදි.
අජ්මල් සම්බන්ධයෙන් කළ විමසීමකදී පාකිස්තානු නායක මිස්බා උල් හක් කියා සිටියේ සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් තහවුරු කරනු ලැබ තිබුණත්, ඔහු ලෝක කුසලාන තරගාවලියේදී කී‍්‍රඩා කරාවිද යන්න තමන්ට නිශ්චිතවම කිව නොහැකි බවයි.
”මේ වෙලාවේ හුගක් දෙනා කතා වෙන්නේ ”එහෙම වුණොත් මෙහෙම වෙනවා.
මෙහෙම වුණා නම් එහෙම වෙන්න බැරි ඇයි” වගේ දේවල්. ඒ නිසා අජ්මල් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙනවාද නැද්ද යන්න කියන එක ගැන මේ වෙලාවේ කිසිවක් කියන්න බෑ”
”අනෙක් කාරණාව තමයි (ලෝක කුසලාන) කණ්ඩායම දැනටමත් ප‍්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ඒ හැම කී‍්‍රඩකයෙක්ම දැනටමත් මෙහේ ඉන්නේ. ඇරත් අජ්මල් සෑහෙන කලක ඉඳන් තරග කරලා නෑ. ඒ ගැනත් අපි හිතන්න ඕනෑ” යයි මිස්බා උල් හක් සිඞ්නි නුවරදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.