Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අටවැනි අදියරේ ජය ලිලියන්ට

අටවැනි අදියරේ ජය ලිලියන්ට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ අටවැනි අදියර ජය ගැනීමට ප්‍රංශයේ ලිලියන් කැල්මජේන් සමත් විය. කිලෝ මීටර් 187.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ ඩෝල් නරගයෙන් ආරම්භ වී ස්ටේෂන් ඩස් රූසස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා ලිලියන්ට ගත වූ කාලය පැය 4 විනාඩි 30 තත්ත්පර 29 කි.

ලිලියන්ට වඩා තත්ත්පර 37 ක් පසුපසින් තරගය අවසන් කළ නෙදර්ලන්තයේ රොබට් ජෙසින්ක් අටවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ලිලියන්ට වඩා තත්ත්පර 50 ක් පසුපසින් තරගය අවසන් කළ ප්‍රංශයේ ගුයිලැවුම් මාටින්ට හිමිවූයේ එහි තෙවැනි ස්ථානයයි. මාටින් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ අයර්ලන්තයේ නිකලස් රොචී සහ චෙකොස්ලෝවැකියාවේ රෝමන් ක්‍රෙවුසිගර් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

අටවැනි අදියර ජයගැනීමට ලිලියන් සමත් වුවද, මුල් අදියර 7 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. එහිදී අදියර 8 ක් නිසා කිරීම සඳහා ඔහුට ගත වී ඇති මුලු කාලය පැය 33.19:10 කි. ෆෝම්ට වඩා විනාඩි 17:55 ක් පසුපසින් සිටින ලිලියන්ට සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ 28 ස්ථානයයි.

සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින මහ බි්‍රතාන්‍යයේ ජෙරේන්ට් තෝමස්, ෆෝම්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 14 ක් පසුපසින් සිටියි.

පාපැදි සවාරියේ නමවැනි අදියර අද (9 වැනිදා) නන්ටුවා නරගයෙන් ආරම්භ වී චැම්බ්‍රේ නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 181.5 කි.


සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 33.19:10  
2 ජෙරේන්ට් තෝමස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 33.19:22  
3 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 33.19:24  
4 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 33.19:35  
5 රිචී පොර්ට් (ඕස්ට්‍රේලියාව) - පැය 33.19:49  
6 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 33.19:53  
7 රොමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 33.19:57  
8 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඥ්ඥය) - පැය 33.20:02  
9 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියා) - පැය 33.20:04  
10 රෆාල් මජ්කා (පෝලන්තය) - පැය 33.20:11


- 036

 


අදහස් (0)

අටවැනි අදියරේ ජය ලිලියන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.