Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ උල්ලංගණය කිරීම් තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සොයිසා මහතාට අන්තර් ජාතික ක්‍රිකට් සභාව චෝදනා කර සිටියි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සොයිසා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
දූෂණ මර්ධන නීති සංග්‍රහය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස සොයිසා මහතා හැඳින්විය හැකිය. මින් සති 2 කට පමණ පෙර සනත් ජයසූරිය මහතාද අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ එවැනිම චෝදනාවකට ලක්විය.
ජයසූරිය මහතාට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ තරග පාවාදීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකක විසින් පවත්වනු ලබන පරීක්ෂණයට සහාය දැක්වීමෙන් වැලකී සිටීමයි. ඒ සම්බන්ධයෙන් ජයසූරිය මහතා සිය නිතීඥවරු හරහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවට කරුණු දැක්වීය.
දූෂණ මර්ධන නීති සංග්‍රහයේ 2.1.1 වගන්තිය යටතේ අන්තර් ජාතික ක්‍රිකට් සභාව සොයිසා මහතාට චෝදනා එල්ල කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් මස 1 වැනිදා සිට දින 14 ක කාලයක් ඔහුට ලබා දී තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.