Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනීකා - අලානා කාන්තා යුගල ශූරතාව දිනති

අනීකා - අලානා කාන්තා යුගල ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට අනීකා සෙනෙවිරත්න සහ ඇගේ සොහොයුරිය වන අලානා සෙනෙවිරත්න ඊයේ (31 වැනිදා) සමත් වූහ.

කොළඹ, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරි පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් තරගයේ පළමු වටය ලකුණු 7/5 ක් ලෙස ජයගැනීමට අනීකා සහ අලානා සමත් වූහ. දෙවැනි වටයේදී ලකුණු 4/2 ක් ලෙස පසුපසින් සිටියදී සවිනි සහ ජනලි තරගයෙන් ඉවත් වීම නිසා අනීකාට සහ අලානාට සමස්ත තරගයෙන් වට 2-0 ක ජයක් හිමිවිය.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 7/5) කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරමින් සවිනි සහ ජනලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. අනීකා සහ අලානා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/4, 6/3) ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කරමිනි.

 

අවසන් මහ තරගය
අනීකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙ සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරි පරාජය කරන ලදහ. (7/5, 4/2)

අවසන් පූර්ව වටය
සවිනි ජයසූරිය සහ ජනලි මනම්පේරි විසින් තරග වට 2-0 ක් ලෙස කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරන ලදහ. (6/1, 7/5)
අනීකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා සහ සෙත්මි දිමායා පරාජය කරන ලදහ. (6/4, 6/3)

 


අදහස් (0)

අනීකා - අලානා කාන්තා යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.