Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ (2018) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන කාන්තා බොක්සිං ලෝක ශූරතාවලියට සහභාගි වීම සඳහා ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියාය.
අනූෂා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවන එකම ක්‍රීඩිකාව වන අතර අවසන් වරට පැවති ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇය මෙම තරගාවලියට සහභාගි කරවීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය පියවර ගෙන තිබේ.
මේ වසරේ මොංගෝලියාවේදී පැවැති උලන්බටාර් කුසලාන කාන්තා බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අනූෂා, 2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමටද සමත් වූවාය. එහිදී ඇය පරාජයට පත්වූයේ 5 වරක් ලෝක ශූරතාව දිනා සිටි ඉන්දියාවේ මේරි කොම් හමුවේය.
දැනට ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම බොක්සිං ක්‍රීඩිකාව වන අනූෂා 2006, 2008, 2010, 2012, 2014 සහ 2016 යන වසර වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බොක්සිං ශූරතාවලියට සහභාගි වී සිටින්නීය. එහිදී ඇගේ ඉහළම දක්ෂතාව වන්නේ 2010 වසරේ පැවැති තරගාවලියේදී ලොව 7 වැනි ස්ථානයට පත්වීමයි.
මෙවර කාන්තා බොක්සිං ලෝක ශූරතාවලිය සඳහා රටවල් 73 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 333 ක් සහභාගි වී සිටිති. කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරගාවලියට එක්ව සිටින අනූෂා, එළබෙන 17 වැනිදා පැවැත්වෙන මූලික වටයේ පළමු තරගයේදී ස්වීඩනයේ ලීස් සැන්ඩෙබ්ජර්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටින්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.