Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අසීරූ තණතිලිවල හොදින් ක්‍රීඩාකරමින් හොඳ තරගාවලියක් අවසන් කර පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමක සිටින බවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලිය සඳහා පුහුණුවීම් ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් හොඳ සූදානමකින් සිටින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. තරගවලියට පෙර පුවත් පත් සාකච්ඡාව අද (6 වැනිදා) සවස කොල්ලුපිටිය මුව් ඇන් පික් හෝටලයේදී පැවැත්විණ.
බටහිර කොදෙව් සංචාරයේදී දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් මහේල උඩවත්ත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වුවත් නැවතත් දිමුත් කරුණාරත්න ආබාධය සුවවීමෙන් පසුව කණ්ඩායම සමගින් එක්වී ඇති බවත් චන්දිමාල් පැවසීය.
පිතිහරඹ ලැයිස්තුව පිළිබඳව තවම තීරණයක් අරගෙන නෑ. ඒක නිසා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න අපි තවම තීරණය කරලා නෑ.
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවත්වෙන තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් අසංක ගුරුසිංහ මහතා පත්කර ඇති අතර මෙම තරගාවලියෙන් පසුව එම තනතුර සඳහා 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් නිත්‍ය කළමණාකරුවකු පත්කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පැවැසීය.
ක්‍රීඩා පිටියට යෑමේදී පැණිරස ආහාර වර්ග ගෙන යනවාද ගෙන යනවානම් ඒ මොනවාද යන්න පිළිබඳව මාධ්‍ය වේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චන්දිමාල් පවසා සිටියේ, තරගාවලිය ආරම්භයට පෙර විනිසුරුවන් සහ තරග තීරක සමගින් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එතැනදී ඒ සම්බන්ධයෙන් විමසා දැනගත හැකි බවත්ය.
“අපට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ වගේ දේවල් අරන් යන්න පුළුවන්ද, කොයි වෙලාවලට අපට ඒවා පාවිච්චී කරන්න පුළුවන්. ඒවා පාවිච්චී කරලා ඉවර වුනාම පන්දුව පිරිමදින් පුළුවන්ද. වගේ දේවල්. ඒ ගැන දැන ගැනීමට හැකිවන්නේ එම රැස්වීමේදී තමයි” යයිද චන්දිමාල් පැවසීය.
ආබාධ වලට ලක්ව සිටින පත්වූ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය දැනගැනීමට සිදුවන්නේ තව දින දෙක තුනකින් බවත් යම් ලෙසකින් රංගන හේරත්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් මාලින්ද පුෂ්පකුමාර ක්‍රීඩා කරවීමේ අරමුණින් ඔහුව අතිරේක ක්‍රීඩකයකු ලෙස නම්කර ඇතිබවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.
බටහිර ඉන්දීය දූපත් සංචාරයේදී ජෙෆ්රි වැන්ඩසේට අමතරව තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු විනය විරෝධී ක්‍රියාවලට හවුල් බවට ආරංචි වන බවත් ඔවුන්ටත් චෝදනා පත්‍ර ලබාදුන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසා සිටියේ කළමණාකරුගේ වාර්තාවේ එක් පුද්ගලයකු සම්බන්ධයෙන් පමණක් වාර්තාවී තිබූ බවත් ඒ අනුව ඔහුට පමණක් චෝදනා පත්‍ර ලබාදුන් බවත්ය.
තරගයකදී පැණිරස ආහාර භාවිතා කිරීම කොපමණ වැදගත්ද යන්න පිළිබඳව ඇසු පැණයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ පිටියේ බොහෝ වේලාවක් රැඳී සිටීමේදී ශක්තිය රඳවා ගැනීමට සීනි සහිත ආහාර ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් බවයි.
ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරගයක් ඇතුළත් සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර තරගාවලිය සෙනසුරාදා (7 වැනිදා) පැවැත්වෙන පුහුණු තරගයෙන් ආරම්භවනු ඇත.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය මේ මස 12 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.