Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අම්රිතාට ටෙනිස් ශූරතා තුනක්

අම්රිතාට ටෙනිස් ශූරතා තුනක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය 99 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ටෙනිස් ශූරතාවලියේදී ශූරතා ති‍්‍රත්වයක් දිනාගැනීමට ජාතික ටෙනිස් ශේ‍ණිගත කිරීම් වල අංක එකේ පසුවන කී‍්‍රඩිකා අම්රිතා මුත්තයියා සමත්වූවාය.

මෙම තරගාවලියේ ඉකුත් වසරේ කාන්තා කේවල අංශයේ ශූරිය වූ නෙත්මි වඩුගේ තරග වට 2-1 ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනාගත් අම්රිතා මුත්තයියා, නිලූෂි ප‍්‍රනාන්දු සමග එක්ව කාන්තා යුගල ශූරතාවද, දිනේෂ්කාන්තන් තංගරාජා සමග එක්ව මිශ‍්‍ර යුගල ශූරතාවද දිනාගත්තාය.

ජාතික ටෙනිස් ශේ‍්‍රණිගත කිරීම් වල අංක එකේ සහ දෙකේ පසුවන ක‍්‍රීඩකයන් අතර වූ පිිරිමි අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරළ (අංක 2) පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා (අංක 1) ශූරතාව දිනාගත්තේය.


කේවල අවසන් මහ තරගයේදී පරාජයට පත්වූ සංඛ අතුකෝරළ, පිරිමි යුගල අවසන් මහ තරගයේදී නිෂාංගන් නඩරාජා සමග එක්ව තරග වට 3-2 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම පරාජය කරමින් ශූරතාවට හිමිකම් කීහ.

කාන්තා යුගල අවසන් මහ තරගයේදී තෙව්නි දේවරාජ සහ මේදිරා සමරසිංහ තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ නිලූෂි ප‍්‍රනාන්දු එහි ශූරතාව දිනාගත්හ.

මෙවර තරගාවලියේ ශූරයා සහ ශූරිය බවට පත්වූ දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී තරග වට 2-1 ලෙස සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ පරාජය කරමිනි.

තරගාවලිය දින 15 ක් පුරා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.


තරග ප‍්‍රතිඵල


පිරිමි කේවල

  • දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරළ පරාජය කරන ලදි. (6/4, 5/7, 6/3, 6/2)

පිරිමි යුගල

  • සංඛ අතුකෝරල සහ නිෂාංගන් නඩරාජා විසින් තරග වට 3-2 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම පරාජය කරන ලදහ. (7/6, 2/6, 2/6, 7/6, 6/4)

කාන්තා කේවල

  • අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-1 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කරන ලදී. (7/5, 3/6, 6/1)

කාන්තා යුගල

  • අම්රිතා මුත්තයියා සහ නිලූෂි ප‍්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස තෙව්නි දේවරාජ සහ මේදිරා සමරසිංහ පරාජය කරන ලදහ. (6/2, 6/0)

මිශ‍්‍ර යුගල

  • දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-1 ක් ලෙස සංඛ අතුකෝරළ සහ මේදිරා සමරසිංහ පරාජය කරන ලදහ. (7/6, 4/6, 6/4)

අදහස් (0)

අම්රිතාට ටෙනිස් ශූරතා තුනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.