Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය රුපියල් කෝටි ගණනින් නැතහොත් ඩොලර් මලු පිටින් හුවමාරුවන අයි.පී.එල්. තරගාවලියේ 2018 -ක්‍රීඩක වෙන්දේසිය නිමා වූයේ ලසිත් මාලිංගට ස්ථානය අහිමි වීමෙනි. දින දෙකක් පුරා පැවැති මෙම වෙන්දේසියේදී අගයක් හිමිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර දෙදෙනා පමණි. අකිල සහ දුෂ්මන්ත චමීර දෙදෙනාම ලක්‍ෂ 50 කට බැගින් වෙන්දේසි වූහ.
වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් සංඛේත ක්‍රීඩකයා ලෙසින් සිටි ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී අගයක් හිමි නොවීය.
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ සංඛේත වන් ක්‍රීඩකයන් දෙදෙනකු වන ක්‍රිස් ගේල්ට මෙන්ම ලසිත් මාලිංගටත් මෙවර නොසලකා හැරුණේ ඔවුන් දෙදෙනාම මේ වන විට දස්කම් අතින් පහළ වැටී සිටින බැවිනි.
එහෙත් ක්‍රීඩක වෙන්දේසියේ වට දෙකකදීම සැලකිල්ලට ලක් නොවූ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට තුන්වැනි සහ අවසන් වටයේදී මිලක් නියම විය. ඒ ඉන්දීය රුපියල් කෝටි 2 ක් පමණි.
ඉන්දීය රුපියල් ලක්‍ෂ 55 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් අකිල ධනංජය මිලදී ගන්නා ලදි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා මහේල ජයවර්ධන වන අතර වසර හයකට ඉහතදී (2012) ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවාගෙන ආවේද එවකට ශ්‍රී ලංකා පිලේ නායකයා වූ මහේල ජයවර්ධන විසිනි.
ඉන්දීය රුපියල් ලක්‍ෂ 50 ක ලංසුවකට රාජස්තාන් රෝයල්ස් පිල විසින් දුෂ්මන්ත චමීර මිලදී ගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩකයන්ට අගයක් හිමි නොවූවද ඇෆ්ඝනිස්ථානයේ මොහොමඞ් නබී සහ රෂීඞ් ඛාන් දෙදෙනාට අමතරව මුජීබ් සද්රාන් සහ සහීර් ඛාන් දෙදෙනාද මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරන ලදි.
වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන සහීර් ඛාන් ඉක්මනින් අළෙවී වූ නමුත් අසම්මත දඟ පන්දු යවන්නකු වන මුජිබ් සද්රාන්ගේ අගය ඉන්දීය රුපියල් කෝටි 4 ක් දක්වා ඉහළ ගියේය.
කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල විසින් සද්රාන් හිමිකරගත්තේ ඒ වන විටත් දිල්ලි පිලේ ඉතිරිව තිබූ මුදලින් ඇෆ්ඝනිස්තානු දඟ පන්දු යවන්නා මිලදීගත නොහැකි වූ බැවිනි.
ඇෆ්ඝනිස්ථාන් ක්‍රීඩකයන් සිව් දෙනෙක් අයි. පී. එල්. තරගාවලියට එක්වෙද්දී නේපාලයේ ක්‍රීඩකයකුටත් අවස්ථාවක් ලැබිණ. ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායකයකු වන මයිකල් ක්ලාක් විසින් ‘ට්විටර්’ සමාජ ජාලයට එක් කරන ලද වීඩියෝවකින් සොයාගත් නේපාලයේ 16 හැවිරිදි සන්දීප් ලැමිචාන්ට දිල්ලියට ඇවිදින් පන්දු යවන ලෙස දිල්ලි බලධාරීහු කීහ.
දිල්ලියට පැමිණි ලැමිචාන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සතුටට පත් දිල්ලි ඩෙයාර්ඩෙවිල් පිල ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්‍ෂ 20 ක් ආයෝජනය කළේය.
“ඉතාමත් හොඳ වේගයක් ඇතිව පන්දුව දෙපැත්තටම දඟ කවන්න ඔහුට පුළුවන්. වැඩියෙන්ම අපගේ සිත්ගත්තේ ඒකයි...මේ වගේ හැකියාවන් තියෙනවා. ඒත් වැදගත් වෙන්නේ ඒවා මුල් කාලයේදීම හඳුනා ගැනීමයි” යයි ලැමිචාන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් දිල්ලි පුහුණු කාර්යමණ්ඩලයේ අයෙක් පවසා තිබිණ. ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං දිල්ලි පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි.
නායකයා වූවත් ගෞතම් ගම්භීර් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 7 කට හෝ 8 කට වැඩියෙන් වැයකිරීමට තමන් සූදානම් නැති බව දිල්ලි බලධාරීහු කල්තියාම ගම්භීර්ට කියා තිබිණ. එහෙත් ඔහු වෙනුවෙන් ඉහළ ලංසු ඉදිරිපත් නොවීම නිසා ඉන්දීය රුපියල් කෝටි 2.8 කට සිය නායකයා මිලදී ගැනීමට දිල්ලි පිලට හැකිවිය.
එංගලන්ත පිලේ බෙන් ස්ටෝක්ස් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අළෙවි වූ ක්‍රීඩකයාය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12.5 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 30 ක ලංසුවක් තැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරිපත් විය.
පසුගිය වසරේදී ඉන්දීය රුපියල් කෝටි 14.5 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35 ක්) සඳහා පූනේ සුපර් ජයන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් 2017 තරගාවලියේදී පූනේ කණ්ඩායම අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගියේය. එවර තරගාවලියේදී ලකුණු 316 ක් සහ කඩුලු 12 ක් ලබාගත් ස්ටෝක්ස් තරාගවලියේ වීරයාද විය.
මාස කිහිපයකට ඉහත එංගලන්තයේ අවන්හලකදී ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් අළු බඳුන තරගාවලිය අහිමි කරගත් බෙන් ස්ටෝක්ස් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලබන මාසයේදී එංගලන්ත අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
වේග පන්දු යවන ක්‍රීඩක ජයදේව් උනද්කාත් ඉන්දීය ක්‍රීඩකයන් අතර වැඩිම මිලක් ගෙවනු ලැබූ ක්‍රීඩකයාය. කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසින් උනද්කාත් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලංසුව ඉන්දීය රුපියල් කෝටි 11.5 කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 27.6 කි. ඉන්දීය වේග පන්දු යවන්නන් අතරේ විස්සයි-20 තරග සඳහා සිටින හොඳම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන උනද්කාත් පසුගිය වසර අගදී පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි-20 තරගාවලියේ වීරයාද විය.
2017 වසරේදී පූනේ සුපර්ජයන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ උනද්කාත් සෑම පන්දු 11 කටම වරක් කඩුල්ලක් දවාගත් අතර තරග 12 කදී කඩුලු 24 කට හිමිකම් කීවේය. ඔහුගේ ඕවරයකින් ලබාගත හැකිවූයේ ලකුණු 7 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.