Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මැද පෙළ පිතිකරු සිකන්දර් රාසාගේ ක්‍රමාණුකූල ආක්‍රමණය හේතුවෙන් හොබාර්ට්හිදී අද (17 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්හ.
අයර්ලන්ත කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකු කැඳවා තිබිණ. ඒ හේතුවෙන් කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක ඇන්ඩි බිල්බරින්, කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත්, සිකන්දර් රාසාගේ ප්‍රහාරයට මුහුණ දීමට සිදුවිය.
මුලදී අයර්ලන්ත නායකයාගේ තීරණය සාර්ථක බව පෙනෙන්නට තිබුණේ ලකුණු 37 ක් ඇතුළත සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනකුම දැවී ගිය බැවිනි. එහෙත් සිකන්දර් රාසා පිටියට පිවිසීමෙන් පසුව ඕවර 14 කදී ලකුණු 137 ක් සිම්බාබ්වේ පිලට එකතු විය.
පන්දු 48 කට මුහුණ දුන් සිකන්දර් රාසාගේ ලකුණු 82 න් ලකුණු 50 ක් ම හයේ සහ හතරේ පහර වලින් පැමිණි ඒවා විය. සිකන්දර්ට අනගි සහයක් දුන් මිල්ටන් ෂුම්බා (16) සහ ලූක් ජොන්ග්වේ (20) ප්‍රහාරය රාසාට ඉතිරි කරමින් තම තමන්ගේ කඩුලු රැකගත්හ.
සුදුසුකම් තේරීමේ තරගාවලියේදී වඩාත් අසීරු කාණ්ඩයට පිවිස සිටින සිම්බාබ්වේ පිලට, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය සමගින් තරග කරමින් ‘බී’ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකින් එකක් සොයාගැනීමට සිදුව තිබේ.
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 174 යි
(වෙස්ලි මැදව්වේරේ 22, ෂෝන් විලියම්ස් 12, සිකන්දර් රාසා 82, මිල්ටන් ෂුම්බා 16, ලූක් ජොන්ග්වේ නොදැවී 20, ජොෂ් ලිට්ල් 24/3, මාක් ඇඩෙයාර් 39/2, සිමී සිං 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.