Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය සඳහා අතිරේක කඩුලු රකින්නියක වශයෙන් කෞෂානි නුත්‍යාංගනා කැඳවා තිබේ. ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීිඩිකාවන් 15 දෙනාම අයර්ලන්ත සංචාරයට එක්ව සිටින අතර ඔවුන් සියලු දෙනාට අමතරව කෞෂානි නුත්‍යංගනා කැඳවා තිබේ.
අනුෂ්කා සංජීවනී කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නිය මෙන්ම ඉදිරිපෙළ පිතිකාරිණියකි. එහෙත් කිසියම් ආකාරයකින් ඇය ආබාධයකට ලක්වුවහොත් ශ්‍රී ලංකාවේ සිට අයර්ලන්තය බලා ක්‍රීඩිකාවක යැවීමට දින තුනක් හෝ හතරක් යන බැවින් කෞෂානි නුත්‍යංගනා සංචිතයට කැඳවා තිබේ. ආසියානු කුසලාන දිනාගත් සංචිතයට ඇතුළත් නොවූවද, 21 හැවිරිදි කඩුලු රකින්නියක වන කෞෂානි විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කට සහභාගි වූ, පසුපෙළ පිතිකාරිණියකි.
වමතින් දඟ පන්දු යවන්නියන් දෙදෙනකු වන සචිනි නිසංසලා සහ ශෂිනි ගිම්හානි දෙදෙනාත් අයර්ලන්ත සංචාරයට එක්ව සිටිති. සචිනි නිසංසලා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් වන අතර ගිම්හානි වමතින් චයිනමන් පන්දු යවන්නියකි.
අයර්ලන්ත සංචාරය විස්සයි-20 අන්තර්ජාතික තරග 2 කින් සහ එක්දින අන්තර්ජාතික තරග 3 කින් සමන්විතය. ඒවායින් එක්දින තරග තුනම 2022 - 2025 අන්තර්ජාතික කාන්තා ශූරතාවලියට අයත් තරග 3 කි.
ශ්‍රී ලංකා කාන්තාවෝ මේ මස 6 වැනිදා අයර්ලන්තය බලා පිටත්ව යති.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා මාධවී, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්‍ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රියදර්ශනී, ශෂිනි ගිම්හානි, අමා කාංචනා සහ කෞෂානි නුත්‍යංගනා
එල් වික්‍රමසිංහ Sunday, 04 August 2024 12:47 PM
අපේ සිංහ ධේනුවන්ට අයර්ලන්ත තරගාවලිය ජයග්‍රහණය කිරිමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යැයි පතමි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.