Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 27 ක් ඉදිරියට එයි

අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 27 ක් ඉදිරියට එයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (06) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට අයර්ලන්ත ‘ඒ’ පිල කඩුලු නවයක් දැවී ලකුණු 182 ක් රැස්කර සිටියේය.

අයර්ලන්ත ‘ඒ’ පිල දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුල්ලක් පමණක් අතැතිව ලකුණු 27 ක් ඉදිරියෙන් සිටියේය.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 68 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් අයර්ලන්ත පිලේ පළමු කඩුලු දෙක දවාගැනීමට සමත් විය. 22 හැවිරිදි ඇඹුල්දෙණිය එම කඩුලු දෙකත් සමගින් සිය 17 වැනි තරගයේදී පළමු පෙළ කඩුලු 100 සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමේදී ලකුණු 155 ක වාසියක් ලබාගැනීමට සමත් විය.
කමිඳු මෙන්ඩිස් පන්දු 135 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියදී හයවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

මිලින්ද සිරිවර්ධන අනගි ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 126 කදී ලකුණු 104 ක් ලබා සිටියදී දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. මිලින්දගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

ටෙස්ට් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් පස්වැනි කඩුල්ලට ලකුණු 187 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

වමතින් දඟ පන්දු යවන ජේම්ස් කැමරන් පන්දුව නියමිත ස්ථානයේ පතිත කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අපහසුතාවට පත්කිරීම කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයෙන් කැමරන් ලකුණු 77 කට කඩුලු හතක් දවාගත්තේය.

හෙට (07) තරගයේ තෙවැනි දිනයයි.

 


අදහස් (0)

අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 27 ක් ඉදිරියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.