Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තය මංගල ටෙස්ට් තරගයට සැරසෙයි

අයර්ලන්තය මංගල ටෙස්ට් තරගයට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සමගින් පැවැත්වෙන ඵෙතිහාසික මංගල ටෙස්ට් තරගය සදහා විලියම් පෝටර්ෆීල්ඞ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් මේ වන විටත් තෝරාගෙන ඇත. අයර්ලන්තය මෙම මස 11 සිට 15 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව ඩබ්ලින් නුවරදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගීවෙයි.

ටෙස්ට් තරගයෙන් පසුව පාකිස්තානය එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ ස්කොට්ලන්තයට එරෙහිව විස්සයි20 තරග දෙකකටද සහභාගී වීමට නියමිතව ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය මින් පෙර රටවල් 10 කට හිමිවී තිබූ අතර පසුගිය වසරේ ජූනී මාසයේදී අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්ථානයට පූර්ණ සාමාජිකත්වය පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් තීරණය කරන ලදී.

සර්ෆ්‍රාස් අහ්මඞ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තෝරාගෙන ඇති අතර ඊට ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින් 5 දෙනෙක්ද ඇතුළත් වූහ. ෆහීම් අශ්රාෆ්, ෆකාර් සමාන්, ඉමාම්-උල්-හක්, සාද් අලී සහ උස්මාන් සලහුදීන් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින් වුහ.


අයර්ලන්ත සංචිතය
විලියම් පොටර්ෆීල්ඞ් (නායක), ඇන්ඩෘ බැල්බර්නි, එඞ් ජොයිස්, ටිරෝන් කේන්, ඇන්ඩි මැක්බි්‍රන්, ටිම් මර්ටග්, කෙවින් ඕ’බි්‍රයන්, නීල් ඕ’බි්‍රයන්, බොයිඞ් රැන්කින්, නේතන් ස්මිත්, පෝල් ස්ටි්‍රන්ග්, ජේම්ස් ශැනන්, ස්ටුවර්ට් තොම්ප්සන්, ගැරී විල්සන්.

පාකිස්තාන සංචිතය
සර්ෆ්‍රාස් අහ්මඞ් (නායක), මොහොමඞ් අබ්බාස්, අසාර් අලී, හසන් අලී, රහත් අලී, සාද් අලී, මොහොමඞ් අමීර්, ෆහීම් අශ්රාෆ්, සමී අස්ලම්, බාබර් අසාම්, ශදාබ් ඛාන්, උස්මාන් සලහුදීන්, අසාද් ශාෆීක්, හරිස් සොහෙල්, ඉමාම්-උල්-හක්, ෆකාර් සමාන්.

 

 


අදහස් (0)

අයර්ලන්තය මංගල ටෙස්ට් තරගයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.