Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් හෙටට (29 වැනිදා) කල් දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
තරගය අද රාත්‍රී 7.30 ආරම්භ වීමට නියමිතව තිබුණද දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි විය. ඕවර සංඛ්‍යාව අඩු නොකර තරගය ආරම්භ කිරීම සඳහා රාත්‍රී 9.35 වන තෙක් කාලය ලබාදී තිබුණද, ඒ වන විට වර්ෂාව නිමාවට පත්වී නොතිබිණ.
ඉන් අනතුරුව ඕවර සංඛ්‍යාව අඩු කරමින් තරගය ආරම්භ කිරීම සඳහා වර්ෂාව නිමාවන තෙක් බලා සිටීමට සංවිධායකයන්ට සිදුවූහ. ඕවර 5 බැගින් හෝ ක්‍රීඩා කිරීම සඳහා මධ්‍යම රාත්‍රී 12.06 වන විට තරගය ආරම්භ කළ යුතුව තිබුණද, රාත්‍රී 11.00 වන තෙක්ම වර්ෂාව නිමා නොවූ බැවින් තරගය හෙට දිනයට කල් දැමීමට විනිසුරුවන්ට සිදුවූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.