Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයි.පී.එල්. කිරුළ තෙවැනි වරටත් කොල්කටාවට
අයි.පී.එල්. - 2024

අයි.පී.එල්. කිරුළ තෙවැනි වරටත් කොල්කටාවට

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට කොල්කටා නයිට් රයිඩ්ර්ස් කණ්ඩායම ඊයේ (26 වැනිදා) සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක පහසු ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 10.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ වෙන්කටේෂ් අයියර් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස සුනිල් නරේන් ලකුණු 6 කට දැවී ගියද, සෙසු ආරම්භක පිතිකරුවා වූ රහ්මනුල්ලා ගුර්බාස් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 91 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ වෙන්කටේෂ් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. එහිදී හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක පැට් කමින්ස් පන්දු 19 කින් ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

කෙසේ වුවත් අභිෂේක් ශර්මා (2), ට්‍රැවීස් හෙඩ් (0) සහ රාහුල් ත්‍රිපාටි (9) යන මුල් පිතිකරුවන් තිදෙනාද ඇතුළුව පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව දැවී යෑම හයිද්‍රාබාද් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔන්ඩ්‍රි රසල් ඕවර 2.3 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර හයිද්‍රාබාද් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් ස්ටාක් සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් දවාගත්හ.
 
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 113
(ඒඩ්න් මාක්‍රම් 20, හෙන්රිච් ක්ලාසන් 16, පැට් කමින්ස් 24, ඔන්ඩ්‍රි රසල් 19/3, මිචෙල් ස්ටාක් 14/2, හර්ෂිත් රානා 24/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී 114
(රහ්මනුල්ලා ගුර්බාස් 39,  වෙන්කටේෂ් අයියර් නොදැවී 52)

-036 


අදහස් (0)

අයි.පී.එල්. කිරුළ තෙවැනි වරටත් කොල්කටාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.