Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ පැන නැගී තිබෙන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ අරමුණෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩයිස් මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටියි.
ඔවුන් අද (10) ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මුණ ගැසුණු අතර එහිදී දෙපාර්ශවයේ සාකච්ඡා වඩාත් පලදායී වූ බවත් ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම මුළුමනින්ම ඉවත් කරවා ගැනීමට ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු වූ බවත් ක්‍රීඩා අමාත්‍යාංශය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ජෙෆ් ඇලර්ඩයිස් මහතා ඇතුළු එම නියෝජ්‍ය පිරිස අද පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට නියමිතව තිබුණි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.