Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරවින්ද් - දෙහෙරගොඩ නරියා කන්ද දෙවනත් කරති

අරවින්ද් - දෙහෙරගොඩ නරියා කන්ද දෙවනත් කරති

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවති 22 වැනි ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියදුරා ලෙස දිනේෂ් දෙහෙරගොඩද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද සම්මාන දිනාගත්හ.

මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව ඊසි රේසිං කණ්ඩායම දිනාගත් අතර යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට හොණ්ඩා කණ්ඩායම සමත්විය.

තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ ඉසව්ව සඳහා කී‍්‍රඩකයන් 20 දෙනකු සහභාගී වීම නිසා එය කී‍්‍රඩකයන් 10 දෙනා බැගින්වූ අදියර 2 කින් පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 6 දිනාගත් කී‍්‍රඩකයන් 12 දෙනා අතර තවත් තවත් තරගයක් පවත්වා මෙවර දක්ෂතම රියදුරා තෝරාගනු ලැබිණ.  

එහිදී පළමු අදියරේ ජය ඉශ්රාක් වහබ්ද, දෙවැනි අදියරේ ජය දිනේෂ් දෙහෙරගොඩද හිමිකරගත්හ. අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ප‍්‍රබල කී‍්‍රඩකයන් වන අරවින්ද පේ‍්‍රමදාස, මිස්සක නවීන්, දිනේෂ් ජයවර්ධන, ජනක ඩයස් මෙන්ම පළමු අදියර ජයගත් ඉශ්රාක් වහබ්ද පසුපසට ඇද දමමින් එහි ජය තමන් සතුකරගැනීමට දිනේෂ් දෙහරගොඩ සමත්විය.

කළකට පසු නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් දිනේෂ් දෙහරගොඩ මෙම ජයග‍්‍රහණය වාර්තා කළ අතර පසුගිය වසර එකහමාරක කාලය තුළ ඔහු ලද එකම දක්ෂතම රියදුරු සම්මානයද මෙය ලෙස හැදින්විය හැක.

මෙම ධාවන පථයේදීම පසුගිය වසරේ දක්ෂතම රියදුරා බවට පත්වූ, මෙම ඉසව්වේ වත්මන් ජාතික ශූර අශාන් සිල්වාට සහ ඔහුගේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියා වන පසිඳු පීරිස්ට එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය. පළමු අදියර සඳහා සහභාගී වූ අශාන් සිල්වාට තරගය අතරතුර තම මෝටර් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා ඉන් ඉවත්වීමට සිදුවූ අතර දෙවැනි අදියර සඳහා සහභාගීවූ පසිඳු පීරිස්ට රිය අනතුරකට ලක්්වීම නිසා ඉන් ඉවත්වීමට සිදුවිය.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විතවූ අතර එහිදී ෂෙහාන් සී. අධිකාරි, ගයාන් සඳරුවන් සහ කේ. පී. අරවින්ද් යන කී‍්‍රඩකයන් තිදෙනාම සම ලකුණු (ලකුණු 16 බැගින්) ලබාගැනීම නිසා දෙවැනි අදියරේදී ඉහළම දක්ෂතාව දැක්වූ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද්ට දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානය ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය.

එහි පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ කේ. පී. අරවින්ද්, එම අදියරේදී තමන් අතින් සිදුවූ දුර්වලතා මඟහැරවා ගෙන දෙවැනි අදියර ජය ගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

මෙම ධාවන පථයේදී පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරි අනිකුත් තරගකරුවන්ට වඩා මීටර් 350 කට වැඩිය ඉදිරියෙන් සිටිමින් ඉතා විශිෂ්ට ලෙස එහි පළමු අදියර ජයගත් නමුත් දෙවැනි අදියරේදී ඔහුට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

වත්මන් ජාතික මොටෝක්‍රොස් යතුරුපැදි ශූර ගයාන් සඳරුවන්ට අදියර දෙකේදීම හිමිවූයේ දෙවැනි ස්ථානයයි. පළමු අදියරේදී ෂෙහාන් සී. අධිකාරි හමුවේ පරාජය පත්වූ ගයාන් දෙවැනි අදියරේදී කේ. පී. අරවින්ද් හමුවේ පරාජයට පත්විය. කෙසේ වුවත් අදියර දෙක පුරාම මෙම තරගකරුවන් තිදෙනා අතර ඉතා තියුණු තරගයක් පැවති අතර වරින් වර එකිනෙකා පරයා එකිනෙකා ඉදිරියට පැමිණීමට උත්සාහ කිරීම නිසා තරගාවලිය නැරඹීමට පැමිණ සිට 40,000 කට ආසන්න නරඹන්නන්ට උද්වේගකර තරගයක් නැරඹීමේ අවස්ථාව ලැබිණ.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකම ජය ගැනීමට සජාඞ් සුහේර් සමත්වූ අතර එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) සහ (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරග දෙක ජය ගැනීමට ප‍්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ සමත්විය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි තරග දෙකේම ජයග‍්‍රහණ ශානුක සඳරුවන් හිමිකරගත් අතර සන්නද්ධ සේවා සඳහා පැවති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගයේ ජය සමීර පේ‍්‍රමරත්න සතුවිය.

තවත් වේගවත් තරග ඉසව්වක් වූ එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි. ධා. 1100 දක්වා) සුපිරි යතුරු පැදි තරගය ජයගැනීමට සුරාජ් පෙරේරා සමත්වූයේ ප‍්‍රවීණ කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහ සමග කළ තියුණු තරගයකින් අනතුරුවය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සහ බි‍්‍රගේඩියර් ඉඳුනිල් රණසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැුසක් තරගාවලිය නැරඹීම සඳහා පැමිණ සිටියහ.

ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස සිපෙට්කෝ සමාගම සහ සියැට් ආයතනය කටයුතු කළහ.

තරග ප‍්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය (අවුරුදු 16 න් පහළ)
1 කසුන් තාරක (හොණ්ඩා සී. ආර්. 85)
2 බිනුර කිතලගම (හොණ්ඩා සී. ආර්. 85)
3 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 85)

එස්. එල්. ඒ. කාණ්ඩයේ  (සි. ධා. 1000 දක්වා) කුඩා 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
3 චතුර විජේරත්න (ඔස්ටින් මිනි 1000)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 නිසල ජයසුන්දර (යමහා පී. ඩබ්ලිව්. 50)
2 කේසර ගොඩගේ (යමහා පී. ඩබ්ලිව්. 50)
3 තාරුක රුමීෂ (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස් . 125)
2 මධුර පීරිස් (කේ. ටී. එම්. 125)
3 ශිවා මාරප්පන් (කේ. ටී. එම්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ) තරගය
1 වෙනුෂ්ක සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)
2 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස් . 85)
3 එන්. එන්. බණ්ඩාර (යමහා වයි. ඉසෙඞ්. 85)

එස්. එල්. ඒ. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 1050 දක්වා) සමාන්‍ය මෝටර් රථ තරගය
1 යෝගා පෙරේරා (මිනි කොස්මික් 1040)
2 මහේන් මඩුගල්ල (ඔස්ටින් මිනි 1040)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිෂිී ඩැන්ගන් 549)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. VI, 1600)
2 ජනක ඩයස් (හොණ්ඩා සිවික් 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI, 1600)

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සුදේෂ් නිලංග (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (හොණ්ඩා සී. ආර්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ තරගය
1 රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
2 උෂාන් ද සිල්වා (නිසාන් මාර්ච් 1000)
3 ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ඉෂ්රක් වහබ් (සුබාරු ඉම්ප්‍රෙසා ඩබ්ලිව්. ආර්. එක්ස්. 2000)
2 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 මිස්සක නවීන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 දිනේෂ් දෙහෙරගොඩ (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (සුබාරු ඉම්ප්‍රෙසා ඩබ්ලිව්. ආර්. එක්ස්. 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)
3 ප‍්‍රසන්න ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 1100 සිදක්වා) සුපිරි යතුරුපැදි
1 සුරාජ් පෙරේරා (යමහා ඩබ්. ආර්. එෆ් 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 ආනන්ද සම්පත් (හොණ්ඩා සි. ආර්. එෆ්. 450)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)   
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 125)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 ලලින් කිරින්ද (ෆෝඞ් ලේසර් 1500)
3 කෞෂාල් සමරසිංහ (ෆෝඞ් ලේසර් 1500)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 කෞෂාල් සමරසිංහ (හොණ්ඩා ඊ. ජී. III 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 3500)
2 දිනේෂ් සේනානායක (ටොයොටා රෝව් IV 2000)
3 සංජය සේදර සෙනරත් (මිට්සුබිෂී පෙජරෝ 3000)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. VI 1600)
2 ජනක ඩයස් (හොණ්ඩා සිවික් 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 හර්ෂණ ප‍්‍රභාත් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) අවසන් මෝටර් රථ තරගය
1 දිනේෂ් දෙහෙරගොඩ (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ඉෂ්රාක් වහබ් (සුබාරු ඉම්ප්‍රෙසා ඩබ්ලිව්. ආර්. එක්ස්. 2000)
3 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

අරවින්ද් - දෙහෙරගොඩ නරියා කන්ද දෙවනත් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.