Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම වසරේදී (2023) ක්‍රිකට් විශිෂ්ටතමයන්ගේ නාමාවලියට නම් කරනු ලැබ ඇති ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නමද ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 303 කට ක්‍රීඩා කර ඇති අරවින්ද 1996 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා බවටද පත්විය.
ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහුගේ නම ඉදිරියෙන් ටෙස්ට් ලකුණු 6361 ක්ද, එක්දින ලකුණු 9284 ක්ද සටහන් වී තිබූ අතර ටෙස්ට් කඩුලු 29 ක් සහ එක්දින කඩුලු 106 ක්ද ඔහුගේ ගිණුමට බැරවී තිබිණ.
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව මෙම මස 14 වැනිදා විශිෂ්ටතමයන්ගේ සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිත අතර එහිදී අරවින්ද නිල වශයෙන් සම්මානයට පාත්‍රවීමට නියමිතය.
අරවින්දට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරද අයි.සී.සී. විශිෂ්ටතමයන්ගේ නාමාවලියට ඇතුළත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.