Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරුණ අවසන් පූර්ව වටයට
පැරිස් ඔලිම්පික් - 2024

අරුණ අවසන් පූර්ව වටයට

editorial - 2024 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)  

පැරිස් ඔලිම්පික් උළෙලට අද (4) රාත්‍රීයේ තරග වැදුණු මීටර් 400 ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන එහිදී මෙතෙක් ඉසව්වේ සිය හොදම කාලය වන තත්පර 44.99 ක දක්ෂතාවයක් දක්වමින් අවසන් පූර්ව  වටයට කෙළින්ම නිර්දේශ  ලබා ගැනීමට සමත් විය.

අද ඉසව්වේ සිව් වැනි මූලික තරගයට සහභාගි වූ අරුණ දර්ශන  තෙවැනි ස්ථානයට තරගය නිමා කළේය. මීටර් 400 ( පිරිමි) ඉසව්වේ 1998 දී සුගත් තිලකරත්න තත්පර  44.66 කට  මේ දක්වා පළ කර තිබෙන හොදම  දක්ෂතාවයෙන් පසුව මෙරට ක්‍රීඩකයෙකු ඉසව්වෙන් පළ කළ දෙවැනි හොදම දක්ෂතාවය ඒ අනුව ඊයේ පැරිස් නුවර ඔලිම්පික් ධාවන පඨයේ අරුණගෙන් වාර්තාවීම කැපී පෙණුනි.

අද තරග වැදුණු අරුණ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත  කිරිම් අනුව ඒ වන විට  51 වැනි ස්ථානයේ  පසු විය.අරුණ ඊයේ පැරිස් නුවරදී  තරග වැදුණු මීටර් 400 (පිරිමි) පස් වැනි මූලික වටයේ ඔහු තෙවැනි ස්ථානය ලබන විට මෙහි ලෝක ශූරයෙකු වන ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව සිව් වැනි ස්ථානයේ පසුවූ ග්‍රෙනඩා ක්‍රීඩක ජේම්ස් කිරානි තත්පර  44 .78 කට පළමු ස්ථානය ලැබීය. 

මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකූ ඔලිම්පික් නිර්දේශ ලැබූවේ වසර 20 කට පසුවවීම තවත් කැපී පෙණෙන කරුණකි.

අරුණගේ ඉසව්වේ අද වන තෙක් හොඳම  කාලයවී තිබුණේ තත්පර 45.30 කි. ශ්‍රේණිගත ලකුණු ක්‍රමය ඔස්සේ ඔහු පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගත්තේය.


අදහස් (3)

අරුණ අවසන් පූර්ව වටයට
  • Nandathilaka Monday, 05 August 2024 07:26 AM

    සුබ පැතුම්...!

    Reply 0       0

    Senarath Monday, 05 August 2024 08:56 AM

    ඊළඟ තරගයේදීත් හොඳින් දස්කම් පෙන්වන්නට ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා... ඔබට ජය..! 

    Reply 0       0

    fairoos Monday, 05 August 2024 01:24 PM

    සුබපැතුම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.