Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවදානමත් රුගෙන කෙන්යාවට යති

අවදානමත් රුගෙන කෙන්යාවට යති

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘කොවිඩ් අවදානම උත්සන්නවීමේ අවදානම මැද නිරන්තරයෙන් සිදු කෙරෙන පී.සී.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කෙරෙහි විමසිලිමත් වෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කනිෂ්ඨ කණ්ඩායම අනිද්දා (15) කෙන්යාවේ ‘නයිරෝබි’ නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම කෙන්යාව බලා යන්නේ කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහාය.

මෙම තරගාවලිය ලබන අඟහරුවාදා (17) සිට ඉරිදා (22) දක්වා නයිරෝබි නුවරදී පැවැත්වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු හා සිව් දෙනෙකුගෙන් යුත් සහය කාර්ය මණ්ඩලයකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අනිද්දා දිවයිනෙන් පිටත්වයාමේ අපේක්ෂාවෙන් කොළඹ නේවාසිකාගාරයක මේ වනවිට ජෛව ආරක්ෂිත බුබුළක්  යටතේ නිරෝධායනය වෙමින් සිටියි. කෙසේ වුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි පුහුණුකරැවකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබුණි.

වඩාත්ම අවදාම් තත්ත්වය  වන්නේ තරග සංචාරයට පිටත්ව යාමට මොහොතකට  පෙර කෙරෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන්ට අනුව එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක නැතහොත් පරිවාර නිලධාරියෙකු එම පරීක්ෂාව අසමත් වුවහොත් එම මොහොතේම ශ්‍රී ලංකා කණ්ඩායමටම   තරග සංචාරයෙන් ඉවත්වීමට සිදුවීමයි. කෙසේ වෙතත් කෙන්යාවේ ‘නයිරෝබි’ නුවරදී මෙවර පැවැත්වෙන තරගාවලියට ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් ගණනාවක් සහභාගි නොවීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ. ඒ අතර ඇමෙරිකාවද  සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.

වයස 20න් පහළ කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කොවිඩ් වසංගත තත්ත්වය නිසාම මෙම වසරට කල් දමන  ලදි. මෙම තරගාවලිය පසුගිය වසරේ (2020) ජූලි 7 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට  නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් මීටර් 800 (කාන්තා) ඉසව්වට තරග වදින තරැෂි කරැණාරත්න හා ශනිකා ලක්ෂානි තරගාවලිය ආරම්භ වන අඟහරැවාදා (17 වැනිදා) දිනයේදීම සිය ඉසව්වේ මූලික වටයන් සඳහා සහභාගිවීමට නියමිතය.
ඉසුරැ කෞෂල්‍ය අබේවර්ධනද මීටර් 400 (පිරිමි) ඉසව්වේ මූලික වටයට එදිනම තරග වදින අතර මේධානි ජයමාන්න ලබන බදාදා (18 වැනිදා) මීටර් 100 (කාන්තා) ඉසව්වේ මූලික වටයට තරග වදී. ඇය මීටර් 200 (කාන්තා) ඉසව්වේ මූලික වටයට ලබන සිකුරාදා (20) තරග වැදීමට සූදානමින් සිටින්නීය.

ශ්‍රී ලංකාව සහභාගි වන මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මූලික වටය සෙනසුරාදා (21) පැවැත්වේ. ශ්‍රී ලංකාව එහි අවසන් තරගයට ප්‍රවේශවීමේ අපේක්ෂාවෙන් පසුවන අතර එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ලබන ඉරිදා (22) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් තරගාවලි හා කිහිපයකදී හා 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී දැක්වූ දස්කම් මත මෙවර  කෙන්යානු ලෝක ශූරතා  තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වූහ.


කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම.

ඉසුරු කෞශල්‍ය අබේවර්ධන (මීටර් 400-  මිටර් 4x400මිශ්‍ර),
ඩිල්ෂාන් බණ්ඩාර - ( මීටර 4x400 - වැකඩ මහ විදුහල)
රවිඳු ජයසුන්දර - (4x400 මිශ්‍ර කුරැණෑගල ශ්‍රීමත්  ජෝන් කොතලාවල ම.වි.)
ශනිකා ලක්ෂානි - (මීටර් 800  ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල)
තරුෂි කරුණාරත්න - (මීටර 800 - මීටර 4x400 මිශ්‍ර - වලල ඒ රත්නායක මැදි විදුහල)
සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (මීටර් 4x400 මිශ්‍ර සහාය දිවීම -ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල)

කාර්ය මණ්ඩලය
ජගත් ඥනසිරි සිල්වා මහතා (කළමනාකරු),

පුහුණුකරුවෝ
උමංග  සුරේන්ද්‍ර, ධනුෂ්ක මුණසිංහ, සුනේත්‍රා කරුණානායක යන මහත්ම මහත්මිහු.


අදහස් (0)

අවදානමත් රුගෙන කෙන්යාවට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.